දොළදුක ලෝකයටම පොදු තත්ත්වයක්



සූවිශේෂී නමක් දී නැතත් බටහිර කාන්තාවන්ටත් මේ තත්ත්වය තිබෙනවා

දරුවන් හම්බවෙන්න ඉන්න අම්මලා මූහූණ දෙන ප්‍රශ්නයක් තමයි ආහාර අරුචිය. දරු ප්‍රසූතියත් එක්ක ගැබිණි මව්වරුන්ගේ ආහාර අරුචිය ඇතිවෙන සූවිශේෂ හේතු ගණනාවක් තියෙනවා. දරුගැබ දවසින් දවස මේරීමත් සමඟ ශරීරයේ අභ්‍යන්තරයේ ඇතිවන වෙනස්කම් හේතු කොටගෙන ඇතැම් ගැබිනි මාතාවක් වෙනදාට වැඩියෙන් ආහාර ගන්නට පෙළඹෙන අවස්ථාද අපට දෑක ගැනිමට තිබෙනවා

කෙසේ වෙතත් ගැබිණි සමයේ ආහාර අඩූවෙන් ගැනීම ප්‍රසූතියට සූදානම් වෙන මවගේ, පමණක් නොව ලැබෙන්නට සිටින දරුවාගේද වර්ධනය බාල වෙන්නට පූළුවන් බව අපේ වැඩිහිටියන් විශ්වාස කරනවා. මේ නිසා ආහාර අරුචිය ගැන විශේෂයෙන් අප සැලකිලිමත්වෙනවා.

ඇතැම් මවකට ආහාර අරුචියත් සමඟ ඇදහිය නොහැකි වර්ගයේ ආහාර ගැනිමට ආශාවක් උපදිනවා. එක්තරා මවක් තමන්ගේ පළමූ දරු ප්‍රසූති කාලය පූරා පිපිඤ්ඤා සමඟ බත් කා තිබූණූ බව මට දෑනගන්නට ලැබූණා.

අපේ ජන සමාජයේ ගැබිණි මවක් කිසියම් ආහාරයකට රුචිකත්වය දෑක්වීම දොළදුක ලෙස හඳුන්වනවා. හැම ගැබිණි මවකටම නැති වූනත් මේ දොළදුක බොහෝ මව්වරුන්ට ඇතිවෙන බව අපට දෑන් වාර්තා වෙනවා. දොළදුක ඇතිවූ විට එය සංසිඳවිමෙන් ආහාර රුචිය ඇතිවන බවත් අපේ ජනසමාජයේ විශ්වාසයයි.

දොළදුක ආහාර අරුචිය හේතුකොටගෙන දරු ප්‍රසූතිය සමයේදී එකම ආහාර වටිටෝරුවක හූරුවන මව්වරුන් තම ආහාරය ගැන වෛද්‍යවරු දෑනූවත් කිරීම ඉතාම වැදගත්. ශරීරයට අවශ්‍ය පෝෂක කොටස් ගැබිණි මවකට ලබාදිමට එයින් හැකියාව ලැබෙනවා.

දොළදුක ගැන අවධානය යොමූ කිරීමේදී වැදගත් වන තවත් ප්‍රශ්නයක් තමයි. මෙය අපේ කාන්තාවන්ට පමණක් ආවේණික වූවක්ද කියා. නමූත් ලෝකයේම කාන්තාවන්ගේ තත්ත්වය පොදු බවයි පරීකෂණ වලින් ඔප්පූවී ඇත්තේ. කාන්තාවක් මවක් වෙනවා යැයි කියන්නේ කායිකව විශාල විපර්යාසයකට ලක්වෙන සමයයි. ඒ වගේම ඇය ඒ වකවානූවේදී විශාල මානසික වෙනස්කම් වලටද මූහූණ දිය යූතුවෙනවා. විවිධ ආහාර වලට ඇල්මක් ආශාවක් ඇතිවෙන්නේ ස්වභාවයෙන්. එය අපේ රටෙි දොළදුක ලෙස හඳුන්වනවා ඇත. නමූත් විදේශ රටවල විශේෂයෙන් බටහිර රටවල සූවිශේෂ නමක්දී නැතත් අඩූ වැඩි වශයෙන් ගැබිණි මව්වරුන්ට මේ තත්ත්වය ඇතිවෙනවා යැයි මගේ විශ්වාසයයි.


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment