ගැබිණි මවට පෝය සඳේ සඳ කිරණේ බලපෑමක් තිබේද?

ලොවෙහි සියලු දෙය ලොවකට දුන්නේ හිරු එළියයි මවූකිරියි කියා ලෝකප්‍රකට ලේඛක මැක්සිම් ගෝර්කි කියා තිබේ. සැබැවින්ම එය පරම සත්‍යයකි. මවකට ඇති සැනසූම, සම්පත දරුවායි. ලාංකීය ජනසමාජය තුළ දරුවන් වදන මවූවරුන් ආශ්‍රිතව නොයෙකුත් ආකල්ප, මතිමතාන්තර ගොඩනැගී ඇති බව රහසක් නොවේ. මේ ලිපියෙන් අවධානය කරන්නේ ගැබිණි මවූවරුන් ගැනය. විශේෂයෙන්ම ගැබිනි මවූවරුන්ට පෝය සඳේ බලපෑම හේතුවෙන් එදිනට විලිරුදාව සෑදී දරුවන් ලැබීම ඉක්මන් වන බව අපේ සමාජයේ මූල් බැසගත් ආකල්පයක්ව ඇත. එහි සත්‍ය අසත්‍යතාවය අපි තරමක් විමසා බලමූ.

කොයි සමාජය ගත්තත් නොයෙක් වර්ගයේ මතවලින් පිරී තිබෙන්නට පූළුවන. නමූත් එයින් කෙතරම් වැඩක් අවැඩක් වේදැයි සැක සහිතය. අපේ රටෙි අදටත් ගැබිණි සමයේ මවක් ප්‍රසූතියට ආසන්න අවදියේ සිටිත් නම් එළඹෙන පෝය දිනයේ දරුවා ලැබෙන්නට ඉඩ ඇතැයි ගෙදර වැඩිහිටියෝ විශ්වාස කරති. ඒ විශ්වාසය, ගැබිණි මවටත් කියති. එක්තරා ප්‍රමාණයට එය මවට මානසිකව එහාට යන්නට පාර කැපීමක් වැනිය. ඒ නිසාම පෝය දිනයේ විලිරුදාව හැදෙන්නට ඇති ඉඩකඩ වැඩිය. අනෙක් අතට අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ද පෝය දවසේ දරුවන් ලැබීම කිසියම් වාසනා ගුණයකයි සිතති. සිදුහත් කුමරාව මහාමායා දේවිය විසින් මෙලොවට උපද්දවනූ ලැබූවේ වෙසක් පූන් පොහෝ දිනකය. ඒ නිසාම පොහොය සහ දරු ඉපදීම අතර සම්බන්ධතාවයක් ඇතැයි අපේ ජන සමාජය තුළ විශ්වාසයක් ඇත.

නමූත් මෙරට උපත් වාර්තා ගෙන නිවැරදිව පරීකෂාවට ලක්කළහොත් පෝ දිනවලත්, ඊට ආසන්න දිනවලත් දරුවන් වැඩිපූරම උපන් බවට සහතික කරගත නොහැක. දරුවන් අනෙක් දිනවලත් සමාන අනූපාතයකින් ලැබී ඇත.

බටහිර සමාජයේ පෝය සංකල්පය කොහේවත් නැත. ඒ නිසාම පෝ දිනවල දරුවන් ලැබෙන්නට, විලි රුදාව ඇතිවෙන්නට ඉඩක් ඇතැයි ඔවූහූ විශ්වාස නොකරති.

කෙසේ වෙතත් මා විශ්වාස කරන දෙයක් ඇත. සඳ මෝරා එන රැයක් දෙස බලා සිටින්නෙකුට ඇතිවන පහත් හැඟුම් කෙබඳුද? මේ සිත් පහන්වීම, ගැබිණි මවකටගේ, සිත කිසියම් ඒකාග්‍රතාවයකට ගෙන එන්නට මගක් විය හැකිබවයි.. දරු ප්‍රසූතියෙන් ආසන්න මවකට පහන් සිතිවිලිවලින් කළ හැකි මෙහෙය වචනවලින් විස්තර කර හැකිද?

මේ ආකල්පය නිසා අපේ සමාජයේ පෝ දිනවල, ගැබිණි මව රෝහලට ගෙනියන්නට, වාහන පවා ගෙදර මිදුලේ සූදානම් කරගෙන තිබෙනවා අපට දැක ගැනීමට පූළුවන. දරු ප්‍රසූතිය ආසන්නයේ මවක් නිවසේ සිටිනවා නම් පෝය දිනවල පමණක් නොව, අනෙක් දිනවලත් අවධානයෙන්, අවදියෙන් සිටිය යූතුය.



මහාචාර්ය කාලෝ ෆොන්සේකා

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment