ඔස්ටියෝපොරොසීස් හැදෙන්නේ කැල්සියම් අඩූකමින් පමණක්ම නෙමෙයි

ව්‍යායාම නොමැති ජීවිතයද විටමින් Dඌනතාවයද අස්ථි බිඳීමේ රෝගයට හේතු වෙනවා. ප්‍රමාණවත් පරිදි වූ විටමින්D ද අස්ථි නිරෝගීතාවයට හේතුවන අතර උදැසන හිරු එළිය ඉතාම ගුණ දෙන විටමින් D ප්‍රභවයක් බව අමතක නොකළ යූතුය.

ජීවිතයේ පැවැත්මටඅවශ්‍ය කැල්සියම් පිළිබඳ ඌනතාවය අස්ථි බිඳීමට හේතු වන බව ඕනෑම කෙනෙකු දන්නා තරමටම සාමාන්‍ය සිද්ධියක්. අස්ථි බිඳීමේ රෝගය කැල්සියම් පාදක කර ගෙන කතා බහ කළද මෙම තත්ත්වයට හේතු වන එකම තත්වය කැල්සියම් ඌනතාවය පමණක් නොවේ.


ජාන පිළිබඳ තත්ත්වයද ඔස්ටියෝපොරෝසීස් රෝගයට බලපානවා. මේ නිසා පවූල් ඉතිහාසය තුළ මෙම රෝගයට බලපාන ප්‍රවනතාවය ඉහළ නම් ඔබටද මෙම රෝගයට ගොදුරුවීමේ අවධානම 80% ක් තරම් වෙන අතර ආහාර පිළිබඳ තත්ත්වය 20% යැයි පර්යෝෂකයන් සඳහන් කරනවා.


ඇතැම් රෝග සඳහා භාවිත කරන ඖෂධ මගින්ද අස්ථි බිඳීමට හේතුකාරක පරිසරය පිළියෙල කරනවා. ඇදුම, අධිරුධිර පිඩනය, හෘදරෝග, රුමැටොයිඩ ආතරයිටීස් රෝගවලට ඖෂධ භාවිතා කරනවිට අස්ථි ගෙවීයාමක් සිදුවෙනවා. රසායන චිකිත්සක ප්‍රතිකාරවලදී අස්ථි ආශ්‍රිත ෙසෙල පිරිහීමට පත් වෙන අතර ඔස්ටියෝපොරෝසීස් රෝගයට මෙම තත්ත්වය ඉබේටම මග පාදනවා. බඩවැල, අක්මාව, අග්න්‍යාසය බද්ධව ඇති ඇති රෝග මෙන්ම මධ්‍යසාර භාවිතය, දුම්පානය මගින්ද කැල්සියම් අවශෝෂණය බාල කරනවා.


කැෂේන් වර්ග අඩංගු තේ, කෝපි සහ කෝලා වර්ග මගින් කැල්සියම් හීනතාවය උග්‍ර කරනවා.


කාන්තාවන්ගේ ජීවන රටාව තුළ සිදුවන ඇතැම් ජෛව විද්‍යාත්මක සංසිද්ධින්ද මෙම රෝගයට බලපානවා. හෝර්මෝන පිළිබඳ වෙනස්කම් සිදුවන ආතර්වහරණය හෙවත් ඔසප් නැවතීමේදි ඊස්ට්‍රජන් මටිටම ඉහළ නගින අතර කැල්සියම් අවශෝෂණය කිරීමේ ශක්තිය දුර්වල වෙනවා.


වැඩිහිටි උදවිය කැල්සියම් අඩංගු ආහාර පිළිබඳ අඩංගු නොවීම නිසා සිරුරේ කැල්සියම් මටිටම පහළ බසිනවා. ඒ අතරම ඔවූන් තුළ ඇති කැල්සියම් අවශෝෂණය වීමේ දුර්වලතාවය අස්ථිබිඳීමේ රෝගයට බලපානවා.


කැල්සියම් ඌනතාවය පිරිමසා ගැනීමට ආහාර මගින් කැල්සියම් අවශෝෂණය කිරීමේ අවශ්‍යතාවය ඉහළය.


ව්‍යායාම නොමැති ජීවිතයද විටමින් D ඌනතාවයද අස්ථි බිඳීමේ රෝගයට හේතු වෙනවා. ප්‍රමාණවත් පරිදි වූ විටමින් D ද අස්ථි නිරෝගීතාවයට හේතුවන අතර උදැසන හිරු එළිය ඉතාම ගුණ දෙන විටමින්D ප්‍රභවයක් බව අමතක නොකළ යූතුය.


කැල්සියම් ලබාදෙන ආහාර ප්‍රභව

ප්‍රමාණවත් ලෙස ලබන විටමින් D ආහාර ප්‍රභව


කිරිවල අඩංගු ලැක්ටෝස් මගින් බඩවැල් ආශ්‍රයේදී කැල්සියම් අවශෝෂණය කරයි.


ජීරන තන්තු සහ නිවිතිවල අඩංගු ඔක්සලික් අම්ලය වගේම ධාන්‍ය ආහාර වල අඩංගු පයිතික් ඇසිඩ් මගින් කැල්සියම් අවශෝෂණය වේ.


ප්‍රති-අම්ල ඖෂධ ටෙටිරසයික්ලීන් වැනි ඖෂධ මගින් ජීර්න පද්ධතියේදී කැල්සියම් අවශෝෂණය කර ගන්නවා.


දිනපතා ඔබ ලබන කැල්සියම් මාත්‍රාව වයස සහ ස්ත්‍රී-පූරුෂ තත්ත්වයන් අනූව වෙනස් වෙනවා. තරුණ වියේ දරුවන්, කිරිදෙන මව්වරුන්ට මෙන්ම ගර්භණී මව්වරුන්ට ඉහළ කැල්සියම් මාත්‍රාවන් අවශ්‍යයි.


එමෙන්ම ස්ටීරොයිඩ් වර්ගයේ ඖෂධ නිර්දේශිත ඇදුම, ආතරයිටීස් රෝගවලට ඔබ ගොදුරුව මාස 6කට අධික කාලයක් ඖෂධ ලබාගන්නා අය සාමාන්‍ය උදවියට වඩා කැල්සියම් ගැන උනන්දු වීම වැදගත්.


මාසික ඔසප් චක්‍රය නැවතුන කාන්තාවන් මෙන්ම ගර්භාෂය ඉවත් කළ කාන්තාවන්, වයස අවූරුදු 45ට පෙරාතුව ඔසප්වීම නැවතුන කාන්තාවන්ද කැල්සියම් ගැන විමසිලිමත්ව සිටීම වැදගත්.


ඔබගේ ආහාර රටාව තුළ කැල්සියම් ප්‍රභව නොමැති නම්, ශරීරයේ බර පැවතිය යූතු මටිටමට වඩා පහත්නම් වාගේම උපත් පාලන ඖෂධ නික්ෂේපනය (එන්නත්) ලබාගන්නවා නම් කැල්සියම් පිළිබඳව විශේෂ අවධානයක් දෑක්වීම ඉතාම වැදගත්.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment