වෛර සිතුවිලි මන්ද මාරුතයේ පාකර හරින්න බැරිද?


වෛරය ඇතිවීමත් ඒ ගැනම හිත හිතා එය වැඩිකර ගැනීමත් පෙර සංසාරේ පව්කළ අය හට සසර දිග කරවනනටත්, ජීවිතය අප්‍රිය සහගත බවට පත්කරවන්නටත් ස්වභාව ධර්මය විසින් ලබාදෙන අනිටූ දැවැද්දකි. සමහරු එය ආදරයෙන් වැලඳ ගන්නවා. දිගටම අරගෙන යනවා. නමූත් පෙර පින් මහිමයකින් පිරුණූ අය තම සිතතුළ හටගත් එම අපවිත්‍ර සිතුවිල්ල දුරින් දුරුකර ගන්නට උත්සාහ ගන්නවා.


මේ ළඟදීම ඔබේ හිතට අතුළු වූ වෛර සහගත සිතුවිල්ල කුමක්ද? සමහරවිට ඔබට හිතෙයි මගේ හිතේනම් ඒවගේ කැත අදහස් නැතැයි කියා... ඒ විදිහට කියන්නට පූළුවන් එය සමාජයට ඇහෙන්න පමණයි. තමන්ගෙන්ම විමසා සිටිය හොත් තමන්ට වෛරකාරයන් කොපමණ ඉන්නවද කියලා ගණන් කරලම දේවි. ඔබ හිතෙන්නේ ඔබට වෛරකාරයන් සිටිනවා කියලයි. ඒ වූණත් නිවැරදි සත්‍යය එය නොවෙයි. ඔබ එහෙම අය නැති නිසා තමන් එහෙම කෙනෙක් වෙන්න උතසාහ ගන්නවා.


අසවලා මට බැන්නා, ගැහූවා, මට අවනම්බූ කළා, මා සතු දේ පැහැර ගත්තා, ආදී වශයෙන් නිතර නිතර හිතන විට නරක නපූරු සිතුවිලි ඇතුළු වෙනවා.


වෛරය කියන වචනය හා සම්බන්ධ ජනිතවන සිතුවිලි මූලික වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න පූළුවන්. එනම් සාමාන්‍ය වෛරය සහ බද්ධ වෛරය යනූවෙන්. සමාජගත යම්යම් සංසිදධීන් නිසා ඇති වන එක සාමාන්‍ය වෛරයයි. එය තමාගේ සිතතුළ නැවත නැවතත් තෙරපීම තුළින් ඇතිවෙන්නේ බද්ධ වෛරයි. මෙම අවර ගුණය සමාජයේ යම් යම් පූද්ගලයන් තුළ පවතිනවාය කියා හිතුවත් එහි ඇත්තක් නැහැ. තමාගේ මනස තුළයි එය තියෙන්නේ. උගත් නූගත්කම අඩූවැඩි වශයෙන් මෙයට බලපානවා.


සම්මූති ලෝකය තුළ දකින යම් යම් අකටයූතුකම් හා ඒවා කරන පූද්ගලයන් අපසතු මෙම අවර ගුණය වැඩි කරනවා නොවේදෑයි ඇතැම් විටෙක ඔබටත් කල්පනා වෙලා ඇති. නැත්නම් මතුවට එහෙම වෙයි. පූද්ගලයා තුළ මානසික වශයෙන් හටගන්නා මෙය ඇතම් විට ගෘහ ආශ්‍රිත පරිසරයටත් පසූව සමාජයටත් විසිරී යනවා. ඉතා ඉක්මනින් ව්‍යාප්තවීමේ ගුණය පවතින නිසාම වෛරයට පිහාටූ තියෙනවා කියලත් ඇතැම් අය කියනවා.


වෛර සහගත හැඟීම් හිතට ඇතුළත් වන්නේ එම පූද්ගලයාගේ අපලකාලයට බව ජ්‍යොතිෂයේ කියැවෙනවා. බණ දහමට අනූව නම් එය පෙර සංසාරයේ පින් මදිකම නිසා ඇතිවන දෙයක්. උත්සාහය හා අධිෂ්ඨානය තිබෙන බූද්ධිමත් මිනිසාට මෙබඳු හැඟීම් සිතට ඇතුළත් වූ වහාම එය නැතිකර ගැනීමට පූළුවන්. එයට තිබෙන හොඳම ප්‍රතිකර්මය තමයි ඉතා ඉක්මනින් එය අමතක කර දෑමීම, එහෙම නැතිනම් තවත් පිළියමක් තියෙනවා. එය තමයි එම සිතුවිල්ල දෑන්ම හිතට ඇතුළත් කර ගන්නේ නැතිව පසූව ගන්නා බව හිතට දන්වා කල්තැබීම. මේ වගේ බූද්ධිමත් උත්සාහයක් ගන්නා පිරිස අප සමාජයේ ඕනෑතරම් සිටිනවා. ඒ නිසා තමයි අප ජිවත්වන සමාජ පරිසරය එබඳු ක්‍රියාකරන අය මේ තරම් අඩූ.


ඒ මිනිහා දකින කොට ඇඟත් සමග පණ නැතිවෙනවා යයි ඔබට හිතේවී. ඔබගේ ශක්තිමත් මනස එසේ අප්‍රාණික කිරීමට තරම් හැකියාවක් වෙනත් අයෙකුට ලබාදුන්නේ කවූද? අන් කිසිවෙකු නොවෙයි ඔබමයි. අනූන්ට පෙන්වන්න ඕන තමන්ගේ ප්‍රබලතා මිස දුබලතා නොවෙයි. ඔබ අන්‍යන්ට වෛර නොකළ යූත්තේ ඔබ ඔබට ආදරය කරනවානම් පමණයි. සමහරවිට ඔබගේ හිත වටකරගෙන ඔබම පෙලූ ඒ සිතුවිල්ල දෑන් දෑන් ටිකින් ටික පහව යනවා නොවේදැයි කල්පනාවට ඒවි.


දර්ශනපති පූජ්‍ය පාතේගම ඤාණිස්සර හිමි

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment