සමේ රෝගවලට ගුණ නෙල්ලි

සෑම ගෙදරකම දකින්නට නොහැකි නමූත් ඉතා වටිනා පලතුරක් හා ආයූර්වේද ඔසූවක් ලෙස හඳුන්වන නෙල්ලි ලොකු කුඩා කාටත් අගුණයක් නොවන පලතුරකි. කවූරුත් නෙල්ලි කෑමට ප්‍රිය නොවන්නේ එහි ඇති තිත්ත රස නිසා විය යූතුය. නමූත් ඔබ නොදන්නවා විය හැකි නෙල්ලි ගෙඩියේ ඇති ගුණය පිළිබඳව. අද කන බොන විශේෂාංගයෙන් නෙල්ලිවල ගුණය පිළිබඳ දැනගනිමූ.

මෙම පලතුර දෙමළ භාෂාවෙන් හා සිංහල භාෂාවෙන් "නෙල්ලි යන නමින් හඳුන්වයි. නෙල්ලිවල ප්‍රබේද කිහිපයක් ඇති මූත් අපට ප්‍රයෝජනවත් වන්නේ බෙහෙත් නෙල්ලි වන අතර මෙය කඳුකර ප්‍රදේශවල බහූලව වැඩෙන ශාකයකි. මෙහි ආයූර්වේදයේ සඳහන් කර ඇති රස පහෙන් යූතු පලතුරකි.

නෙල්ලි ඔසූවක් ලෙස වාත පිත සෙම් රෝගවලට ගුණ වන අතර විශේෂයෙන් පිත් රෝග සඳහා ඉතාමත් ගුණයි.

උණට ගුණ දෙන නෙල්ලි, ශරීරයේ දැවිල්ල අවස්ථාවලදී නෙල්ලි රසකිඳ තම්බා බීමෙන් සූවයක් ලැබේ.

ශීත ගුණයෙන් යූතු වන අතර ශරිරයේ ස්නායූ ශක්තිමත් කරන, ඉන්ද්‍රියන් ශක්තිමත් කරන, ආහාර ජීර්ණයට උපකාරී වන, බඩගිනි වඩවන ඔසූවකි. තව ද මලබද්ධය දුරුකරවන, අක්මාව උත්තේජනය කරවන හා හෘදයට ඉතා ගුණ මෙන්ම ශරීරයේ සිදුවන ලේ ගැලීම් නවතාලයි.

කාන්තාවන්ට දරුවෙකු පිළිසිඳ ගත්විට ගර්භාෂය ආරක්ෂා කරන ගුණයෙන් යූතු අතර මූත්‍රා කිරීම පහසූ කරයි.

නෙල්ලිවලට රුධිරය පිරිසිදු කිරීමේ ගුණය හා සමේ රෝග එනම් (දද, කුෂ්ඨ, බිබිලි) ආදී රෝග සඳහා ද සූදුසූ වේ.

අමූ නෙල්ලි ඖෂධ්‍යක් විදියට භාවිතයට ගන්නා අතරම පානයක් ලෙසත් සාදාගන්නට පූළුවන්. ආයූර්වේදයේ නිෂ්පාදනය කරන ත්‍රිපලා ඖෂධය සඳහා වැඩිපූරම භාවිත කරයි.

මෙහි ඇති රසායනික ගුණය නිසා මිනිසාගේ තාරුණ්‍ය පෙනූම ලබාදීමේ හැකියාව ඇති අතර පූරුෂයන්ගේ ශුක්‍රවල හටගෙන ඇති දෝෂ සමනය කිරීමටද උපකාරී වේ.

විශේෂයෙන්ම දියවැඩියා රෝගීන් සඳහා ගුණ දෙන අතර විටමින් සී බහූලව අන්තර්ගතවී ඇත.

රුව සඳහා
කාන්තාව සූන්දර කරන කෙස් කළඹට හිතකර මෙන්ම සම පැහැපත් කරන ගුණයෙන් යූතුය.

තව ද නෙල්ලි තම්බාගත් ජලයෙන් ඇස් සේදීම ඉතාමත් හොඳ වන අතර ඔබට දැන් නෙල්ලිවල තිබෙන ගුණය ගැන වැටහෙනවා ඇති.




ආයූර්වේද විශේෂඥ ශල්‍ය වෛද්‍ය
ඩී. එච්. තෙන්නකෝන්

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment