දරුවාට කිරි දෙන ක්‍රමයත් දත් නරක් වීමට හේතුවක් විය හැකියි


උපතින් ලැබෙන පංච කළ්‍යාන අතුරින් දන්ත කල්‍යාණයට හිමිවන්නේ සූවිශේෂි තැනක්. මූතුවන් දත් දෙපලක් හිමිවීමත් හිමි වූ දත් දෙපල රැක ගැනීමත් අතශවශ්‍ය දෙයක්. දත් දෙපල රෝගීවීම මූඛ රෝග ගණනාවකට හේතුවක්.


ඒ නිසා මූඛ සෞඛ්‍ය හරි හැටි පවත්වාගෙන යාම වයස් බේදයකින් තොරව දැනගත යූතු දෙයක් විශේෂයෙන් දෙමාපියන්ගේ දෑනූවත් වීම දරුවන්ගේ දත් රෝග වළක්වා ගැනීමටද හේතුවක්.



දන්ත ව්‍යසනය කියන්නේ කුමක්ද?

අප සාමාන්‍යයෙන් හඳුන්වන දත් දිරා යාම තමයි දන්ත ව්‍යසනය කියා හඳුන්වන්නේ. දත් දිරායාමට අම්ල නිපදවන බැක්ටීරියා හේතු වෙනවා.

සාමාන්‍යයෙන් මූඛය තුළ බැක්ටීරියා රාශියක් ජීවත් වෙනවා. මේ බැක්ටීරියා වලින් ස්ටෙප්ටොකොකස් බියූ ටෑන් කියනා බැක්ටීරියාවත් ලැක්ටොඉැසිලස් (ඛ්කඔධඊ්කෂඛඛඹීෑ- කියන බැක්ටීරියාවන් තමයි දන්ත ව්‍යසනයට හේතුවෙන්නේ.



දත් දිරායාමට හේතු මොනවාද?

දිනපතා හෝ පූරුද්දක් ලෙස හෝ පැණි රස වැඩියෙන් ආහාරයට ගැනීම නිසයි මේ තත්ත්වය උදාවෙන්නේ. දත් අතරේ පැණි රස ද්‍රව්‍ය රැඳී පවතින විට බැක්ටීරියා වල වර්ධනය හොඳින් සිදුවෙනවා. ඒ කියන්නේ බැක්ටීරියා වලට වර්ධනය වීමට පැණිරස පහසූ මාධ්‍යයක් ලෙස ක්‍රියා කරනව. මෙසේ වර්ධනය වන බැක්ටීරියා නිපදවන අම්ල දන්ත ව්‍යසනයට හේතු වෙනවා.


මෙහිදී මතක තබා ගත යූතු දෙයක් තමයි ඉඳහිට පැණිරස ආහාරයට ගත් පමණින් දන්ත ව්‍යසනය සිදුවන්නේ නැති බව.



දන්ත ව්‍යසනයක් ඇතිවීමට අවශ්‍ය සාධක මොනවාද?
දන්ත ව්‍යසනයක් ඇතිවීමට ප්‍රධාන සාධක 4 ක් සම්පූර්ණ විය යූතුය.


1. බැක්ටීරියා කි්‍රියා කිරීමට පැණි රස මාධ්‍යයක් ලෙස පැවතීම


2. බැක්ටීරියා ක්‍රියා කිරීමට යම්කාලයක් පැවතීම


3. දත්වල මැලියම් බැඳීම


4. දත් නරක් වීමට දක්වන ප්‍රවනතාව මේ සාධක සම්පූර්ණ වීමෙන් පමණයි දන්ත ව්‍යසනයක් හට ගන්නේ.




ඔබ කිව්වා දන්ත ව්‍යසනයට දක්වන ප්‍රවනාතව අත්‍යවශ්‍ය සාධකයක් කියා මින් අදහස් කරන්නේ කුමක්ද?

දතේ තිබෙන බාහිර කොටස තමයි එනැමලය. මිනිස් සිරුරේ ශක්තිමත්ම කොටස තමයි එනැමලය. එනැමලය ශරීරයේ අස්ථිවලටත් වඩා ශක්තිමත්. එහෙත් එනැමලයේ ශක්තිමත් බව පූද්ගලයාට අනූව වෙනස් වෙනවා. ඒ වගේම එනැමලයේ ව්‍යූහාත්මක වෙනස් කම්ද ් තිබෙනවා. දුර්වල ව්‍යූහයක් තිබූණොත් දන්ත ව්‍යසනයට ගොදුරුවීමේ ප්‍රවනතාව වැඩියි.


ඔබ එයින් අදහස් කරන්නේ දන්ත ව්‍යසනයට පරම්පරා ලක්ෂණ බලපානවා කියාද?

නවතම පර්යේෂණවලින් සොයාගෙන තිබෙනවා පරපූරෙන් පරපූරට දන්ත ව්‍යසන හට ගන්නත් පූළුවන් බව. ඒ කියන්නේ මගේ දත් දිරායාමේ ප්‍රවනතාව වැඩි නම් දරුවාටත් ඇති විය හැකි බව. කුඩා දරුවන් ඉපදී මාස 6 කදී හෝ 7 දී හෝ කිිරි දත් මතු වෙනවා. කුඩාම දරුවන්ගෙත් කිරි දත් නරක් වෙන අවස්ථා තිබෙනවා. ඒත් මෙය ප්‍රධාන සාධකයක් නොවෙයි.


කුඩා දරුවන් හැරුණූ කොට තරුණ හා වැඩිහිටි බොහෝ අයගේ දත් නරක් වීමක් සිදුවෙනවා. තවත් බොහෝ අයගේ වියපත් වූවත් දත් ඉතා හොඳින් තිබෙනවා. මෙයට හේතුව කුමක්ද?

සමහර දෙමාපියන් කුඩා දරුවන්ට සීනි දමා පිළියෙළ කළ කිරි බෝතලයට දමා රාත්‍රියට බොන්න දෙනවා. එහෙම වෙලාවට දරුවා කිරි උරමින් නිදා ගන්නවා. එහෙම වෙලාවට දතේ උඩූ පැත්තේ තොල් අතරෙ කිරි රැඳෙනවා. දත ඇතුල් පැත්තේ රැඳෙන කිරි කෙළ සමග මිශ්‍ර වී ඉවත් වූවත් දත්වල උඩූ පැත්තේ දෙතොල් අතර රැඳෙන කිරි නිසා ඒ තැන්වල බැක්ටීරියාවල වර්ධනයට හොඳ මාධ්‍යයක් සාදා දෙනවා. මේ නිසා උඩ ඇන්දේ ඉදිරිපස දත් පළමූවෙන්ම දිරායාමට පටන් ගන්නවා.


මේ නිසා සමහර කුඩා දරුවන්ගේ දත් කැබලි වශයෙන් කැඩිලා යනවා මේ තත්ත්වය මව්වරුන් දන්නේ නෑ අම්මලා කියන්නේ දත් එනකොටම කෑලි වශයෙන් ආවා කියලයි. එයට හේතු වන්නේ රාත්‍රිය පූරාම කිරි බෝතලය උරන්නට සැලැස්වීමයි. අනෙක සමහර මව්වරු මව්කිරිදීමේ දීත් දරුවාට කිරි උරමින් නිදා ගැනීමට ඉඩ දෙනවා. මෙයත් දත් දිරායාමට හේතු වන කාරණයක්. කළ යූත්තේ කිරි වේලක් දී දරුවා නිදි කරවීමයි. නැවත අවශ්‍ය විටකදී පමණක් කිරි දිය යූත්තේ කිරි දත් වූවත් ආවාට පසූවයි නරක් වෙන්නේ. නරක් වී කිරි දත් මතුවන්නේ නෑ.


දතක් නරක් වීමේදී නැත්නම් දන්ත ව්‍යසනයකදී මතු වන බාහිර ලක්ෂණ මොනවද?

දත් දිරායාමට පටන් ගන්නා විට දත්වල පාට වෙනස් වෙනවා. බොහෝ මව්වරුන් මේ බව දන්නේ නෑ. ඔවූන් කියනවා දත්වල පාට වෙනස් වෙලා කියල. මෙහිදී දත්වල සූදු පැහැති ලප මතුවෙනවා. ඉන්පසූවයි දුඹූරු පාට වෙන්නේ. මේ තත්ත්වය ක්‍රමයෙන් වැඩිවී කුහර ඇතිවී දත සම්පූර්ණයෙන්ම ව්‍යසනයට ලක් වෙනවා.


කිරි දත් මේ ආකාරයට දිරාපත් වීමෙන් පසූ එම දත් වැටීමෙන් එන ස්ථිර දත්වලට බලපෑම් ඇති වෙනවාද?

කිරිදත් දිරාගිය පසූ ඒ දත්මූල් වලින් විෂබීජ ක්‍රියාත්මක වී විදුරු මසේ සැරව ගෙඩි ඇති වෙන්න පූළුවන්. මේ අවස්ථාව වන විට හකු ඇටයේ වර්ධනය වෙමින් තිබෙන දතට මෙම විෂබීජ ඇතුළුවීම නිසා දතේ විකෘතිතා ඇතිවෙන්න පූළුවන්. විශේෂයෙන් හක්කේ දත්වලට බලපෑම් ඇතිවෙනවා. දතක් නරක් වී හෝ ගලවා දෑමීමෙන් පසූව හෝ එන ස්ථිර දත් ඉදිරියට තල්ලු වීමක් වෙන්න පූළුවන්. ඒ නිසා නැවත එන ස්ථිර දත්වලට තිබෙන ඉඩ ඇහිරීම නිසා දත් අක්‍රමවත් වෙන්න ඉඩ තිබෙනවා.

මෙම දන්ත ව්‍යසන තත්ත්ව වලට තිබෙන ප්‍රතිකාර මොනවාද?
දන්ත ව්‍යසනය මූලින්ම හඳුනා ගැනීමට හැකිවූණොත් කළ යූතු දේ වන්නේ පැණි රස කෑම අඩූකිරීමයි. වෛද්‍යවරයෙකුට පෙන්වීමත් අත්‍යවශ්‍ය දෙයක්.


ප්‍රධාන ආහාර වේලට පසූව පැණිරස කෑමෙන් හානියක් සිදුවන්නේ නෑ. දවසට දෙවරක් හෝ දත් මැදීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන් රාත්‍රි ආහාර ගැනීමෙන් පසූ දත් මැදීම අත්‍යවශ්‍ය දෙයක්. වයස අවූරුදුූ 6 ක් පමණ වන තෙක් දරුවන්ට තනිව දත් මැදගන්න අපහසූයි. මේ අවදියෙදී මව හෝ වෙනත් වැඩිහිටියෙකු හෝ විසින් දත් මැදීම කළ යූතුයි. දරුවන්ට හොඳින් ලියන්න හැකිවන තෙක් තනිවම දත මැද ගන්න අපහසූයිි.


දත් මැදීමේදී ප්ලුවෝරයිඩ් සහිත දන්තාලේප භාවිතයයි කළ යූත්තේ දන්තා ලේප සූළු ප්‍රමාණයක් බූරුසූවට දමා මැදීමයි සූදුසූ. වැඩි ප්‍රමාණයක් දන්තාලේප මූඛය තුළ තබා ගෙන සිටීමෙන් ප්ලුවෝරයිඩ වැඩි ප්‍රමාණයක් දත් වලට ලැබීමෙන් දන්ත ප්ලෝරයිඩ ඇතිවෙන්න ඉඩ තිබෙනවා.





පේරාදෙණිය දන්ත වෛද්‍ය
රෝහලේ වෛද්‍ය නිල්මිනි අබේගුණවර්ධන

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment