ජංගම දුරකතනය පාවිච්චිය පිළිබද වැදගත් දේ

විශ්ව ගම්මානය යන සංකල්පය ලොව පූරා ව්‍යාප්ත වීම සමග සන්නිවේදන ක්‍රම අලුතින් එකතු වෙන්නටත් පැවති සන්නිවේදන ක්‍රම තවත් දියූණූවෙන්නටත් පටන් ගත්තා.
අද වන විට සාමාන්‍ය පූද්ගලයාගේ පටන් ඕනෑම තරාතිරමක ජීවන මටිටමක් පවත්වා ගෙන යන පූද්ගලයන්ගේ පවා දෛනික මෙවලමක් බවට පත් වූ ජංගම දුරකතනය ගැන අපි දන්නා දේ වගේම නොදන්නා දේත් බොහෝයි. මෙම ලිපි පෙළින් බලාපොරොත්තු වන්නේ ඉතාම ශීඝ්‍රයෙන් වෙනස් වෙන ජංගම දුරකතන ලෝකයේ නොදත් දැ කතා කිරීමයි.

ජංගම දුරකතනය ලෙසින් හඳුන්වන්නේ ඕනෑම පූද්ගලයෙකුට පෞද්ගලිකව පාවිච්චි කළ හැකි සාමාන්‍ය දුරකතනයෙන් වෙනස් වූ අතේ හෝ බෑගයේ පහසූවෙන්ම ගෙන යා හැකි කුඩා සන්නිවේදන උපකරණකටයි. මෙම ජංගම දුරකතනය විවිධ වෙළෙඳ නාම යටතේ, විවිධ ප්‍රමාණවලින් විවිධ හැඩයෙන් සහ වර්ණයෙන් ලබාගන්න පූළුවන්.

ජංගම දුරකතනය නිෂ්පානදය කළ ආයතනයේ වෙළෙඳ නාමය අනූව මේවායේ අන්තර්ගත පහසූකම් වෙනස්වෙනවා.

ජංගම දුරකතනයක් පාවිච්චි කළ යූතු හොඳම ක්‍රමය ලෙස හඳුන්වන්න පූළුවන් අතෙ රැගෙන යාම හෝ ස්ට්‍රැබ්ස් පටියක් ආධාරයෙන් බෙල්ලේ රඳවා තබාගැනීමයි. මෙම ක්‍රමයෙන් ජංගම දුරකතනයට වන හානි අවම වෙනවා. නමූත් පරිසරයේ අව්වෙන්, වැස්සෙන් හෝ වෙනත් බලපෑම් වලින් ආරක්ෂා කිරීම සඳහා ඔබේ ජංගම දුරකතනයට ආවරණයක් පාවිච්චි කළ හැකියි. දුරකතන ආවරණ ජංගම දුරකතනයේ හැඩයට වෙළෙඳ පොළෙන් ලබාගන්න පරිභෝගික ජනතාවට පූළුවනි.

ජංගම දුරකතනය බිම නොවැටී අරක්ෂා කර ගැනීම ඉතා වැදගත්. ඔබේ අතින් එක්වරක් හෝ ජංගම දුරකතනය බිම වැටූණේ නම් එහි බැටරියට යම් හානියක් සිදුවීද නැද්ද යන්න පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත් මෙම පරීක්ෂාව කළ යූත්තේ ජංගම දුරකතනය නඩත්තුව ගැන වගකීමක් ඇති ආයතනයකින් හෝ පූද්ගලයෙකු ලවා පමණයි. ඔබට සිතෙන පරිදි ජංගම දුරකතනයේ කොටස් ගැලවීමක් හෝ එහි වැදගත්ම කොටස බැටරිය ගැලවීම නොකළ යූතුයි. ඒ විට අපේ අතින් වෙන්නට තිබෙන හානි නොවී වළක්වාගත හැකියි.

පාරිභෝගිකයා මූල්වතාවට වෙළෙඳ පොළෙන් මිලට ගත්ත ජංගම දුරකතනයක මූල්ම පියවර විය යූත්තේ එහි බැටරිය චාජ් කිරීමයි. මූල් වතාවට එහි බැටරිි පැය දහයකට වැඩි කාලයක් චාජ් කළ යූතුයි.

ජංගම දුරකතනවල බැටරිය මූල් වතාවට චාජ් කිරීමේ කාලයත් දුරකතන නිෂ්පාදනය කළ සමාගම අනූව වෙනස් වේ. බැටරිය චාජ් කිරීම සඳහා අවශ්‍ය චාජරය දුරකතනය මිලට ගන්නා අවස්ථාවේ ලැබේ. මෙම උපාංගයද ජංගම දුරකතනය අනූව වෙනස් වෙනවා.

ඉන්පසූව සාමාන්‍ය අවස්ථාවක ඔබේ ජංගම දුරකතනය චාජ් කළ යූත්තේ පැය දෙකක් හෝ තුනක් පමණයි. ජංගම දුරකතනයේ බැටරිය ක්‍රියා විරහිත වූ පසූ එහි ඇති බොත්තමින් ක්‍රියා විරහිත කර අදාළ ස්ථානයට චාජරය සම්බන්ධ කර විදුලි පේනූවකට සම්බන්ධ කිරීමෙන් චාජ් කිරීම හොඳම ක්‍රමයයි.

ඔබේ ජංගම දුරකතනයේ බැටරිය ටිකෙන් ටික ක්‍රියා විරහිත වීමට යන බව ජංගම දුරකතනයෙන් පෙන්නූම් කරන අවස්ථාවක වූවත් ඉදිරි පැය වලදී ඔබට අත්‍යවශ්‍ය දුරකතන ඇමතුම් ලබාදීමටත්, ලබා ගැනීමටත් ඇතිවිට බැටරිය චාජ් කිරීමේ අවශ්‍යතාව ඔබට ඇති වේ.

එවැනි හදිසි අවශ්‍යතාවයකදී ඔබ කළ යූත්තේ ජංගම දුරකතනයේ ක්‍රියා විරහිත කරන බොත්තම ඔබා එය ක්‍රියා විරහිත කර චාජ් කිරීමයි. මෙය නැවත බැටරිය සම්පූර්ණයෙන් චාජ් වන කාලය දක්වා කළ යූතුයි. නැතිනම් ඔබේ ජංගම දුරකතනයේ බැටරිය අදාළ කාලයට පෙර නරක් වේ. එවිට අනවශ්‍ය ලෙස මූදල් වැය කිරීමට ඔබට සිදුවේ.




විශේෂ ස්තුතිය
ඩයලොග් ටෙලිකොම් ආයතනයේ
පරිභෝගික සම්බන්ධත අංශයට

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment