රූපවාහිනිය වගේම මාධ්‍යයන් මිනිසූන් අතරට ඒමත් සමගම ආගම පැත්තට තිබූණ මිනිස් සිත ක්‍රමයෙන් වෙනස්වීමකට ලක්වූණා කියන්න පූළුවන්. ඉස්සර මිනිස්සූ රෑට පන්සිය පනස් ජාතකය කියනවා. තමන්ගෙ ළමයින්ට කවියක්, කතන්දරයක් කියා දෙනවා. වීරයෙක් ගැන කියාදෙනවා. අද අපෙන් ඒ දේවල් ඈත්වෙලා. රූපවාහිනියේ නාට්‍ය මාලාව මිනිසූන්ගේ හිත් ආගමෙන් ඈත් කරන්න සමත් වූණා කිව්වොත් හරි. ඇතැම් වෙලාවක මිනිසූන්ට පන්සලේ තියෙන බෝධි පූජාවට යන්න විදිහක් නැහැ. අහවල් වෙලාවට අර චැනල් එකේ මේ නාට්‍ය. ඉතිං කොහොමද පන්සල් ගිහින්. ඇත්තටම ඒ විතරක් නෙවි. ගොඩක්ම පිරිමින්ගේ මත්ද්‍රව්‍ය භාවිතයත් පන්සලෙන් දුරස්වීමට තවත් කාරණාවක්.
ඒත් පාරක තොටක අවේලාවක ගැවසෙන අය කොච්චර ඉන්නවාද. මිහිදු හිමියෝ දේශනා කරලා තියෙනවා මේ රටෙි මිනිස්සූ අහිංසකයි. පෝය දවසට කැත්තක්, උදැල්ලක් අල්ලන් නැහැ. සතෙක් මැරෙයි කියන බයට" කියල. ඒත් අද තත්ත්වය මීට වඩා වෙනස් වෙලා. පන්සල, ආගම හිත්වලින් බොහෝ දුරස්වෙලා. බොහෝ විට බෝධි පූජාවක් පැවැත්වූවොත් ප්‍රතිපල එවෙලෙහිම බලාපොරොත්තු වෙනවා. ඒ දේවල් දකින්න නොලැබූනොත් ආයෙත් පන්සලට එන්න මැලිවෙනවා. ප්‍රතිපල එවෙලෙහිම දකින්න බලාපොරොත්තු වීම පිරිමි ස්වභාවය. ඒ නිසා තමයි ඔවූන් ඔයවැනි දේවල් බොහෝවිට ප්‍රතික්ෂේප කරන්නේ. කාන්තාවන් එහෙම නෙවෙයි. සැනසිල්ල මතුවට ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් තව තවත් මෙවැනි කටයූතුවල නිරත වෙනවා.
ශ්‍රද්ධාව, ප්‍රඥාව ඇතිව සෑම දෙයක් දිහාම බලනවා නම් එතන ආගමික නැඹූරුවක් තියෙන්න පූළුවන්. පිරිමි ආගමෙන් දුරස් වෙන්න මේ හේතූන් බලපාලා තියෙන බව පැහැදිලියි.
කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා විශේෂවේදී
තෙප්පනාවේ සූනීත හිමි
0 comments :
Post a Comment