සාගරයෙන් පිළිකාවට හොඳ ඔසූවක් -සෝයාබෝංචි දියවැඩියාව සූවකරයි

ලොවපූරා වෙසෙන වෛද්‍යවිද්‍යාඥයින් කර පරීකෂණ වලින් වැඩිම ප්‍රමාණයක් කරන්නේ පිළිකා මර්දනය කරීම සඳහා අවශ්‍ය ඔසූ නිෂ්පාදනය සඳහායි.

මේ ඖෂධ ස්වභාවික පරිසරය තුළිනූත් සොයාගැනීමට විද්‍යාඥයින් විවිධ පරීකෂණ කරනවා. වේල්සගේ ඖෂධ විද්‍යා පාසලේ පරීකෂකයින් පිරිසක් විසින් කරන ලද පරීකෂණයකින් පෙනීගියේ මහසයූරේ වෙසෙන ස්පොන්ජී (ීචදබටැර- නම් ජීවි විශේෂයේ සිරුරේ පිළිකා නසන රසායන ද්‍රව්‍ය තිබෙන බවයි. මේ පරීකෂකයින් සොයාගෙන ඇති ආකාරයට, රසායනාගාර තුළ වාසය කළ පිළිකා ෙසෙල වලට සාගරයේ වෙසෙන ස්පොන්ජින්ගේ සිරුර තුළින් ලබාගන්නා රසායනික සංයෝග ලැබෙන්නට සලස්වා ඇත. මෙහිදි පෙනීගියේ ස්පොන්ජි රසායන ද්‍රව්‍ය ගැල්වූණූ පිළිකා ෙසෙලවල වර්ධනය ක්‍රමයෙන් අඩූවූ බවයි.

තවමත් මූලික අදියරේ පවතින මෙම පරීකෂණය වඩාත් දියූණූ කිරීමෙන් මෙම විද්‍යාඥයින් ස්ත්‍රීින්ගේ පියයූරු පිළිකා වලට හා ස්ත්‍රී පූරුෂ දෙපකෂයේම පෙනහලු පිළිකා මර්දනය සඳහා අවශ්‍ය ඖෂධ නිපදවීමේ උත්සාහයක යෙදි සිටියි.


සෝයාබෝංචි දියවැඩියාව සූවකරයි

අප කවූරුත් එදිනෙදා ජීවිතයේදි දිනපතා ගන්නා ආහාර නිසා විවිධ රෝගාබාධ හටගන්නා බව නොරහසකි. ඒ වගේම රෝගාබාධ සූවකර ගැනීමට තිබෙන එකම මාර්ගයත් නිසිපරිදි නිසිවේලාවට ගන්නා ආහාර කිව්වොත් නිවැරදියි.

පසූගිය දිනෙක ඇමරිකාවේ ඉලිනොයිස් සරසවියේ පරීකෂකයින් පිරිසක් විසින් කරන ලද පරීකෂණයකින් පෙනිගියේ සෝයාබෝංචි දියවැඩියාව මර්දනයකරන කදිම ආාහාරයක් බවයි. දියවැඩියාව පමණක් නොව පිළිකා හා හෟදයාබාධ වැළදිමේ අවධානම අඩූකරන මෙන්ම ආර්තවහරණ ආබාධ අඩූකරන කදිම ශාක ආහාරමය ඖෂධයක් බවයි.

මේ පරීකෂකයින් දෙවන කාණ්ඩයේ දියවැඩියාව  වැළඳුණූ රෝගීන් 14 දෙනෙකු තෝරාගෙන ඔවූන්ට මාස 2ක් වැනිකාලයක් සෝයා ප්‍රෝටින සහිත ආහාර ලබාදීම කළා. ඉන්පසූ ඔවූන්ගේ මූත්‍රාවල අඩංගු ඇල්බියූමීන් ප්‍රමාණය පරීකෂා කළා. මෙහිදි දක්නට ලැබූණූ දෙයක් තමා ඔවූන්ගේ මූත්‍රාවල අඩංගු ඇල්බියූමීන් ප්‍රතිශතය පරීකෂණයට සහභාග කරවීමට පෙර දිනවලට වඩා 10%කින් පමණ අඩූවූ බවයි. මෙයට හේතුව මූත්‍රාවල අඩංගු අයිසොප්ලේවර් නම් සංඝටකය මූත්‍රාවලට අඩංගු සංඝටක වඩාත් හොඳින් පෙරීමටත් ප්‍රතිඅවශෝෂණය වීමට ආධාර කරන එන්සයිම පාලනය කිරීමටත් හැකියාවක් තිබෙන බවයි. ඒ කෙසේ වෙතත් මෙයින් පෙනීයන වැදගත්ම කරුණ වන්නේ දියවැඩියාව පිළිකා හා හෟදරෝග වැනි රෝග තත්ත්ව වළක්වා ගැනිමට සෝයාබෝංචි වැනි ශාකමය ආහාර ගැනීම අත්‍යවශ්‍ය බවයි.





Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment