මහගෙය හිමිවිය යූත්තේ බාල පූතාටද?

ලාංකිය සමාජයේ මූල් බැසගත් සම්ප්‍රදායක් ලෙසට පවූලක බාල දරුවාට දේපලෙන් වැඩි කොටසක් අයිති වියයූතුබව මතයක් පවතී. එසේම මව්පියන් ජීවත්ව සිටි පවූලේ ප්‍රධාන වාසස්ථානය(මහගෙදර) බාල පිරිමි දරුවාට හිමිවියයූතු බවට සම්ප්‍රදායක් පවති.

ලංකාවේ වලංගු නීති තත්ත්වයට අනූව හිමිකරුවෙකු වයෝපූර්ණත්වයට පත්ව සිටීනම් (දෑනට ලංකාවේ නීති තත්ත්වයට අනූව වයෝපූර්ණත්වයට වයස වසර 18ක් ලෙස සලකයි) හා නෛතික නොහැකියාවකට පත්ව නොසිටීනම් තම අයිතිය ඕනෑම කෙනෙකුට විකිණීම හෝ පැවරීම සිදුකළ හැකිවේ. මෙහි නීතිමය නොහැකියාව සහිත පූද්ගලයින් ලෙස මන්දබූද්ධික, උම්මත්තකභාවය වැනි විශේෂිත පූද්ගලයෝ සැලකිය හැකියි. කෙසේ වෙතත් නීතිමය නොහැකියාවක් පවතින පූද්ගලයෙකුට පවා අදාල දිසා අධිකරණයේ අනූමැතිය සහිතව දේපල භාරකරුවෙකු කළමනාකරු මගින් පැවරීම සිදුකළ හැකිය. එසේම වයෝපූර්ණත්වය සම්පූර්ණ නොකළ පූද්ගලයෙකුට සිය භාරකරු මගින් දේපල පැවරීම සිදුකළ හැකියි.
ලාංකිය සමාජයේ මූල් බැසගත් සම්ප්‍රදායක් ලෙසට පවූලක බාල දරුවාට දේපලෙන් වැඩි කොටසක් අයිති විය යූතු බව මතයක් පවතී. එසේම මව්පියන් ජීවත්ව සිටි පවූලේ ප්‍රධාන වාසස්ථානය(මහගෙදර) බාල පිරිමි දරුවාට හිමිවියයූතු බවට සම්ප්‍රදායක් පවති. කෙසේ වෙතත් මෙය සමාජය තුළ පවත්වාගෙන එන සාම්ප්‍රදානූයාකූල තත්ත්වයක් පමණයි.
කිසිදු විටෙක නීතිමය අවශ්‍යතාවයක් ලෙස නොසලකයි.. නීතියට අනූව මව්පියන්ට තම මනාපය පරිදි තමාට අයිති දේපල ඕනෑම විටකදී ජිවතුන් අතර සිටින තම දරුවන්ට සිය ජීවිතකාලය තුළ පැවරිම සිදුකළ හැකිය.

කෙසේ වෙතත් ඇතැම් විට මව්පියන් වයස්ගතවූ පසූ දරුවන් විසින් නොසලකන තත්ත්වයක් පැනනැගිය හැකි බැවින් දරුවන්ට දේපලක් පැවරීමේදී සිය ජීවිත භුක්තිය තමන්වෙත රඳවාගෙන පැවරීම සූදුසූවේ. මෙහිදී මව්පියන් විසින් දරුවන්ට ත්‍යාග ඔප්පූවක් මගින් දේපල පැවරීමේදී එම ඔප්පූවේ, තමාගේ වන ත්‍යාගදීමනාකාර තමාගේ මනාපය පරිදි ඕනෑම අවස්ථාවක අවලංගුකළ හැකි ත්‍යාගයක් වශයෙන් සඳහන් කිරීම මගින් ඉහත සඳහන් කරන ලද තත්ත්වයකදී මව්පියන්ට සිය දේපල නැවත අපේකෂාකරගත හැකිය, කෙසේ වෙතත් එසේ අසරණ භාවයට පත්වූ මේ වයස්ගත මවකට�පියෙකුට තමා සතු දේපල ත්‍යාග ඔප්පූවක් මගින් සිය දරුවන්ට බැහැර කර ඇති විටෙක එම ත්‍යාගය ප්‍රදානය කර ඇත්තේ "අවලංගුකළ නොහැකි ස්ථිර ත්‍යාගයක්" වශයෙන් වූවද අදාල දිසා අධිකරණයේ නඩූවක් පවරා සිය දරුවන් තමාට නොසලකන බවට හා තමන් අසරණ තත්ත්වයේ පසූවන බවට සනාථ කිරීම තුළින් සිය දේපල තමන් වෙත අත්පත් කර ගැනීමේ හැකියාව පවතී.


ඇතැම් විට සංස්ථාපිත සමාගම් සතු දේපල මිලදීගැනීමේ හෝ විකිණීම සිදුූවේ. සමාගමක් සංස්ථාපිත කිරීම තුළින් නෛතික පූද්ගලභාවය ලබන බැවින් යම් සමාගමක් සතු දේපලක් විකිණීමකදී හෝ පැවැරීමේදී අදාල සමාගමේ ව්‍යවස්ථාවලියෙන් බලය පවරන නිලධාරින් දෙදෙනෙකු හෝ අධ්‍යකෂවරුන් දෙදෙනෙකු විසින් අත්සන් කර සමාගමේ පොදු මූද්‍රාව තැබිය යූතු වේ.


ලංකාවේ වලංගු නීති තත්ත්වයන්ට අනූව අඳ, ගොළු හෝ බිහිරි පූද්ගලයෙකුට පවා දේපලක් විකිණීමට හෝ පැවරීමට බාධාවක් නොමැත. කෙසේ වෙතත් මෙබදු තත්ත්වයකදී අනූගමනය කළයූතු විශේෂ කාර්ය පටිපාටියක් පවතී. ඒ අනූව ඒ සම්බන්ධ විශේෂඥවරයෙකු ලවා අදාල ලේඛනය කියවා තේරුම් කරදී අත්සන් ලබාගතයූතු අතර එබඳු ඔප්පූවකදී එම කටයූත්ත සිදුකළ විශේෂඥවරයාගේ සහතිකයක් ඔප්පූවට අමූණා තිබිම අවශ්‍යවේ.


ඕනෑම පූද්ගලයෙකුට තමා අවූරුදු දහඅටට වැඩි වයසේනම් අන්තිම කැමති පත්‍රයක් ලියා සකස්කිරීම තුළින් දේපල පැවරීම සිදුකළ හැකිවෙයි. මෙබඳු විටකදි අන්තිම කැමති පත්‍රයක් තබා යමෙකු මියගියහොත් අනෙකුත් සියළුම අනූප්‍රාප්ති නීති අභිබවා අන්තිම කැමති පත්‍රය වඩා බලවත් ලියවිල්ල බවට පත්වේ.


මෙබඳු අන්තිම කැමති පත්‍රයක් නොතාරිස් වරයෙකු හා සාකෂිකරුවන් දෙදෙනෙකු විසින් සහතික කිරීමෙන් සකස්කළ හැකිය. එසේම නොතාරිස්වරයෙකු අන්තිම කැමති පත්‍රයක් සහතික නොකරන විටකදී අඩූ වශයෙන් සාකෂිකරුවන් පස්දෙනෙකු ඉදිරියේ අන්තිම කැමති පත්‍රය සහතිකකිරීම අවශ්‍යය.


කෙසේ වෙතත් අවිවාහකයෙකු අන්තිම කැමති පත්‍රයක් සකස්කිරීමෙන් පසූව ඔහූ හෝ ඇය විවාහවූවිටද පළමූ අන්තිම කැමති පත්‍රය අවලංගුකර නව අන්තිම කැමති පත්‍රයක් සකස්කිරිමෙන්ද අන්තිම කැමති පත්‍රය අවලංගුකිරීමේ චේතනාව මත අන්තිම කැමති පත්‍රයක් ලියන ලද පූද්ගලයා විසින් හෝ ඔහූගේ�ඇයගේ නියෝගය මත වෙනත් තැතැත්තෙකු විසින් අන්තිම කැමති පත්‍රයක් පිළිස්සීමෙන්, ඉරාදැමීමෙන් හෝ වෙනත් ආකාරයකින් විනාශකළවිට විධිමත්ව ලියන ලද අන්තිම කැමති පත්‍රයක් අවලංගුවීම සිදුවේ.



සූජානි ප්‍රියංගිකා ලියනගේ
නීතිඥ හා නොතාරිස්



Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment