ලිප්ස්ටික් වැඩි වෙලාවක් රඳවා තබන ලිප්සීලර

තොල් ආලේපනයෙන් මූහූණට පූංචි එළියක් ලබාදෙන බව ඔබටම වැටහෙන කරුණක්. ඇත්තටම මේ මගින් මූහූණේ බොහෝ අඩූපාඩූ මකාගත හැකියි.

දෙතොල ටිකක් විශාල නම් කුඩාකර ගැනීමටත් කුඩාම දෙතොලක් නම් ටිකක් විශාලකර හැඩට ගැනීමටත් තොල් ආලේපන මගින් හැකියාව තිබේ.

මෙහිදී විශේෂයෙන්ම මතකතබා ගත යූත්තේ තොල් ආලේපනය පිළිවෙළකට ආලේප කිරීමටයි. විශේෂයෙන්ම සමට ගැළපෙන වර්ණය තෝරා ගැනීමටයි. නැතිනම් ඒ තුළින් පූංචි අවලස්සනක් මතුවෙන බවද අමතක නොකළ යූතුයි.

බොහෝ වෙලාවට අපේ යූවතියන්ට කාන්තාවන්ට තිබෙන්නේ දුඹූරු පැහැති සමක්. ඒ නිසා දුඹූරු පැහැය හොඳින් ගැලපෙනවා. තැඹිලි පාට රොස්පාට වැනි වර්ණයන් අපට ගැලපෙන්නේ නෑ.

ඉතාමත්ම පැහැපත් සමක් ඇති අයට නම් එවැනි වර්ණයක් ගැලපෙනවා.

ඒ වූණාට දුඹූරු වර්ණය හැමෝටම සූදුසූයි.

ඔබ යම් ලිප්ස්ටික් වර්ගයක් තෝරාගෙන එය ආලේප කිරීමේදී දෙතොල කළු පැහැයක් ගත්තේ වී නම් එය හොඳ වර්ගයක් නොවෙයි. වහාම එම වර්ගය නවත්වා වෙන වර්ගයකින් ලිප්ස්ටික් එකක් තෝරා ගැනීම හොඳයි. මොකද එසේ සිදුවන්නේ එය ඔබට යම් අසාද්මිකතාවයක් වන නිසාවෙනූයි.

ලිප්ස්ටික් ආලේපයට ප්‍රථම ලිප් බාම් එකක් ඒ කියන්නේ ලිප් කෙයා එකක් ආලේප කළ යූතුයි. ඒ මගින් තොල ආරක්ෂා වීම තොලේ තෙතමනය තබා ගැනීමට හැකි වීමට වගේම ලිප්සිටික් එක තැවරීම පහසූවීමකුත් සිදුවෙනවා. ඒ වගේම ලිප්ස්ටික් බොහෝ වෙලාවක් දෙතොලේ තබා ගැනීමටත් ඒ මගින් හැකියාව ලැබෙනවා. සීත දේශගුණයේ සිටින විට විශේෂයෙන්ම ලිප් බාම් තැවරීම කළ යූතුමයි. දෙතොල පැලීම වළක්වා ගැනීමට එය පිටිවහලක්.

තොල් ආලේපනය ගෑමට පින්සලක් භාවිත කර තොල වටා ඉර ඇඳ ගැනීම සූදුසූම ක්‍රමයයි.

මේ මගින් දෙතොලේ හැඩය ඇඳ ගැනීම වඩාත් ලස්සනයි.

ඉන්පසූ තොල් ආලේපය ගැල්වීම වඩාත් හොඳයි. තොල වටා අඳින පාට ගාන පාටට තද පාටක් වීම ලස්සන වූවත් ඒ සඳහා කළු පැහැය භාවිත කිරීම සූදුසූ නැහැ.

දුඹූරු ආලේප කරන විට තද දුඹූරු පාටින් තොල වටා ඇදීම ලස්සනයි.

කළු පාටින් දෙතොල වටා අඳිනවා නම් ආලේප කරන පැහැය සමග කළු පැහැය මිශ්‍ර කර දෙතොල වටා ඇඳීම නම් හොඳයි.

දුඹූරු වර්ණයේම වර්ණ දෙක තුනක් මිශ්‍ර කර ආලේප කිරීමත් නූසූදුසූ නැහැ. එවිට අමූතුම ලස්සනක් මතු වෙනවා. වර්තමානයේ ලිප්සීලර් දෙතොල මත ආලේප කරන්නේ ආහාර ගත්තත් එය ආලේප කර තිබෙන විට ලිප්ස්ටික් ඉවත් නොවීමටයි.

උදේ වරුවට ලා පැහැ ලිප්ස්ටික් ද හවසට තද පැහැයද ගැළපෙනවා.

නූතනයේ උත්සව අවස්ථාවලට අනූව දිලිසෙන රන් හෝ රිදී පැහැති ලිප්ස්ටික් ආලේපනයත් දක්නට ලැබෙනවා.

අවස්ථාව අනූව ඇඳුමේ වර්ණය අනූව එවැනි විලාසිතාවක් නරක නැහැ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment