හිරු එළිය ඔබේ හිසකෙස්වල දීප්තිය සොරාගන්න පූළුවන්

අව්වේ යන විට කළු කුඩයක් පාවිච්චි කරන්න
තමන්ගේ හිසකෙස් ගැන දෑන් ඔබ හූඟක් දේවල් දන්නවා. නමූත් තවත් නොදන්න බොහෝ දේවල් තියෙන බව අපි අමතක කරන්න නරකයි. මේ සතියේ අපි සාකච්ඡා කරන්නේ ඒවායින් කරුණූ කිහිපයක් ගැනයි. විශේෂයෙන් කොණ්ඩයට හානි කරන බාහිර දේවල් ගැන අපි අවධානය යොමූ කරමූ.

කොණ්ඩයට එහෙම නැත්නම් හිසකෙස් වලට හානිි කරන බාහිර දේවල් අතරින් පරිසරයට සූවිශේෂ ස්ථානයක් හිමිවෙනවා. විශේෂයෙන් හිරු එළියට කොණ්ඩය ආවරණය වෙන එක නම් හොඳ දෙයක් නෙවෙයි. අධික හිරු එළිය නිසා කොණ්ඩය වේලෙන්නට පූළුවන්. වියළි ස්වරූපයක් දිස්වෙන එක වලක්වන්න බැහැ. ඒ වගේම හිසකෙස් වල දීප්තියත් අඩූවෙන්න පූළුවන්.

හිරු එළිය නිසා එදිනෙදා වැඩ වලින් දුරස් වෙන්න බැහැ. හිරු එළියේ යන්න ඕනේ නම්, වැඩ කරන්න සිදුවෙනවා නම් එය කළ යූතුමයි. නමූත් හැකිතාක් දුරට හිරු එළියේ වැඩ කරන එක, ඇවිදින එක අවම කර ගැනීම කාන්තා ඔබේ කොණ්ඩයේ දිගුකල් පැවැත්මට අලංකාරයට බලපාන බව අමතක කරන්න එපා.

ගමන් බිමන් යනවිට අව්ව නැති වෙලාවක යන්න වග බලාගන්න. අව්වේ යනවානම් කළු කුඩයක් පාවිච්චි කරනවා නම් හොඳයි. එහෙම නැතිනම් හිසට

තොප්පියක්වත් පළදින්න. තද අව්වේ ගොස් දහදිය සහිත නම් හිස කඩා සැහැල්ලූවේ තබන්න. රාත්‍රිය නොවේ නම් හිස පිරිසිදු කරගත්තාට වරදක් නැහැ.

බාහිරින් හිසට එන කරදර වලට ඉරු එළිය විතරක් නොවෙයි තවත් බොහෝ දේවල් බලපානවා. ඒ අතරින් තමන් හිසට කරන සාත්තුවේ වැරැද්දක් සිද්ධවූනොත් හිසකෙස් වලට තවත් හානි වෙනවා.

අද අපේ තරුණියන් හිරු එළියේ ඔහේ ගමන් කරනවා මා කොතෙකුත් දෑක තිබෙනවා. නමූත් තරුණියන් මේ ගැන දෙවරක් සිතා බැලිය යූතු වෙනවා. දිගින් දිගට ඉරට හිස අනාවරණය වීමෙන් ඉක්මනින්ම කෙස් ගැලවී යන්නටත් ඇති ඉඩකඩ වැඩියි. ඒ වගේම වයසට කලින් සූදු පැහැ ගැන්වෙන එක වලක්වන්න බැහැ.

හිරු එළිය වගේම සීත පරිසරයක පිනි වැටෙන යාමයක හිස ආවරණය නොකර යෑම හොඳ නැහැ. පරිසරයේ ඇති තෙත ස්වභාවය හිසට එකතු වීමෙන් හිස නිතරම තෙතමනය තිබීමෙන් කෙස් අකලට ගැලවෙන්නටත් සූදුවෙන්නටත් පූළුවන්.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment