මාළු මස් නොකන අයට සෝයාමීටිවලින් විවිධ කෑම

අඹරපූ සෝයාමීටි පූරවන ලද මාළුමිරිස් කරිය


මාළු මිරිස් කරල් 3

තෙල් තේ හැඳි 2

රතුළුෑනූ ගෙඩි 8 ක් පමණ (සිහින්ව ලියා)

අඹරාගත් සෝයා මීටි ග්‍රෑම් 150 (පොඟවා ගන්න)

කරපිංචා, ලුණූ කුඩූ, තක්කලි ග්‍රෑම් 50

තුනපහ කුඩූ තේ හැඳි 1 1/2

මිරිස් කුඩූ හැඳි 1/2

කහ කුඩූ තේ හැඳි 1/2

මිටිකිරි කෝප්ප 1/2

සිහින්ව කපා ගත් පොඩි ඉඟුරු කෑලි 1

සිහින්නව කපාගත් සූදුළුෑනූ බික් 2


සාදන ක්‍රමය
පළමූව අඹරාගත් සෝයා මිටි වලට තුනපහ , කහ, මිරිස්, ලුණූ කුඩූ දමා හොඳින් අතගාගන්න. ඉන්පසූ තෙල් ලිප තබා එයට කරපිංචා කපාගත් ඉඟුරු සූදුළුෑනූ, රතුළුෑනූ, සහ සෝයාමීටි මිශ්‍රණය දමා හොඳින් පිසගන්න. ඉන්පසූ වතුර ටිකක් ලිප තබා එයට ලුණූ කුඩූ ස්වල්පයක් දමා එයට මාළු මිරිස් කරල් දමා මිනිත්තු දෙකක් පමණ තබා යන්තම් තම්බා ගන්න. ඉන්පසූ එහි එක් තැනකින් කුඩා පිහියකින් පලා ඇට ඉවත් කරගන්න. එයට සෝයාමීටි කරිය පූරවා නූලකින් ගැට ගසා සාස්පානක අඩූක්කර කිිරි දමා මද ගින්නේ හිඳෙනතෙක් පිසගන්න.


සෝයා මීටි කටිලටි
සෝයා ග්‍රෑම් 200

අල ග්‍රෑම් 250

කපාගත් අමූමිරිස් මේස හැඳි 2

කපාගත් බී ළුෑනූ මේස හැඳි 3

සැල්දරි මේස හැඳි 3, කපාගත් සූදුළුෑනූ බික් 3

බිස්කටි කුඩූ, ගම්මිරිස් කුඩූසහ රස අනූව ලුණූ, දෙහි

පිටි මිශ්‍රණය (බිත්තර, පිටි, ලුණූ, සහ වතුර)

තෙල්


සාදන ක්‍රමය
සෝයා මීටි පොඟවා අඹරාගන්න. අල තම්බා පොඩි කරගන්න. තෙල් ස්වල්පයක් ලිප තබා අඹරාගත් සෝයා මීටි බැදගන්න. ඉන්පසූ වෙනත් භාජනයක් ලිප තබා එයට තෙල් දමා රත්වූණ පසූ බී ළුෑනූ, අමූමිරිස්, සූදුළුෑනූ, දමා බැදගෙන එයට සෝයාමීටි, අල, ගම්මිරිස් කුඩූ, රස අනූව ලුණූ යොදා කලවම් කරගන්න. දෙහි යූෂද එක්කර තමන්ට කැමති හැඩයකට සාදා පිටි මිශ්‍රණයේ දවටා බිස්කටි කුඩූ තවරා බැදගන්න.


සෝයාමීටි සමග වම්බටූ කරි

සෝයා මීටි ග්‍රෑම් 50

වම්බටූ ග්‍රෑම් 50

තම්බාගත් ගී්‍රන් පීස් ග්‍රෑම් 50

කපාගත් අමූමිරිස් මේස හැඳි 2

කපාගත් බී ළුෑනූ මේස හැඳි 3

කරපිංචා ස්වල්පයක්

සූදුළුෑනූ බික් දෙකක් (සිහින්ව කපාගන්න)

තුනපහ මේස හැඳි 1

මිරිස් කුඩූ තේ හැඳි 1

කහ කුඩූ ස්වල්පය

ලුණූ රස අනූව

විනාකිරි තේ හැඳි 1/2

පොල් කිරි කෝ. 1

තෙල්, කුරුඳු පොඩි කෑලි 1


සාදන ක්‍රමය
සෝයාමීටි මි. 15 ක් පොඟවා මිරිකා ලුණූ කුඩූ, දවටා බැද පසෙක තබන්න. වම්බටූ කහ සහ ලුණූ දවටා බැදගන්න. තම්බාගත් ගී්‍රන් පීස්ද බැදගන්න. අමූ මිරිස්, ළුෑනූ, සූදුළුෑනූ, කරපිංචා, බැදගන්න. ඉන්පසූ කරිවලට ලුණූ, තුනපහ, මිරිස්, කුඩූ කහ කුඩූ එක්කර එයට කුරුඳු කෑල්ලද දමා ලිප තබා උතුරවන්න. එයට බැදගත් වම්බටූ, ගී්‍රන්පීස්, සෝයාමීටි ද එක්කරන්න. මදගින්නේ උකුවන තෙක් පිසගන්න.


ඩෙවල් සෝයා මීටි
සෝයා මීටි ග්‍රෑම් 250

මාළු මිරිස් ග්‍රෑම් 100

ළුෑනූ ගෙඩි 1

තක්කාලි ග්‍රෑම් 100

සෝයා සෝස් තේ හැඳි 2

චිලි සෝස් මේස හැඳි 2

කෝන්ෆ්ලවර් මේස හැඳි 2 (වතුරෙන් දියකරගත්)

අඹරාගත් සූදුළුෑනූ මේස හැඳි1

අඹරාගත් ගලන්ගා තේ හැඳි 1 (අරත්ත)

ඉඟුරු තේ හැඳි 1 (අඹරාගත්)

ලුණූකුඩූ, සීනි ස්වල්පයක්


සාදන ක්‍රමය
තෙල් ලිප තබා එය රත්වූණ පසූ සෝයා මීටි දමා ස්වල්ප වේලාවක් බැද අයින් කරගන්න. වැඩි තෙලුත් අයින් කර අවශ්‍ය තෙල් ප්‍රමාණයට සූදුළුෑනූ, ඉඟුරු, ගලන්ගා දමා බැදගන්න. එයට දිග අතට කපාගත් ළුෑනූ හැඩයට කපාගත් මාළු මිරිස්, ලීක්ස්, දිගට කපාගත් තක්කාලිද දමා බැදගන්න. එයටම සෝයාමීටි දමාගන්න. චිලිසෝස්, තක්කාලි සෝස්, සෝයා සෝස් ද දමන්න.


ලුණූ රස අනූව එක්කරන්න. දිය කරගත් කෝන්ෆ්ලවර් ද එක්කර සීනි ස්වල්පයක් දමා ලිපෙන් බා ගන්න.


සෝයාමීටි චයිනීස් රෝල්ස්
බැටර් එකට අවශ්‍ය දේ

පිටි ග්‍රෑම් 250

යන්තම් ගසා ගත් බිත්තර 2

උණූ කර නිවාගත් මාගරින් අවූ. 1

අවශ්‍ය නම් කිරි කෝප්ප 1/4

ලුණූ තේ හැඳි 1

අවශ්‍ය ප්‍රමාණයකට වතුර

පිටි භාජනයකට දමා එයට මාගරින් දමා කලවම් කරගන්න. එයට කිරි ටික ටික දමා අනන්න. ඉන්පසූ වතුර ඇති තරම් දමා මෘදු බැටර් එකක් සාදාගන්න.


සෝයාමීටි පිරවීම
පොඟවා අඹරා ගත් සෝයාමීටි ග්‍රෑම් 250

කුඩාවට කපාගත් ළුෑනූ ගෙඩි 1

කුඩාවට කපාගත් අමූ මිරිස් කරල් 3

කුඩාවට කපාගත් සැල්දරි මේස හැඳි 1

කුඩාවට කපාගත් (තම්බාගත්) අලගෙඩි 1

රස අනූව ලුණූ, ගම්මිරිස්

තුනපහ කුඩූ ස්වල්පයක් (තේ හැඳි 1)

කුඩාවට කපාගත් තක්කාලි කුඩා ගෙඩි 1

කුඩාවට කපාගත් සූදුළුෑනූ බික් 1

තෙල් මේස හැඳි 3


සාදන ක්‍රමය
තෙල් ලිප තබා එයට ළුෑනූ අමූමිරිස් සූදුළුෑනූ තක්කාලි දමා බැදගන්න. එයටම සැල්දරි දමන්න. එය මද වෙලාවක් පිසගන්න. සෝයාවලට ලුණූ, තුනපහ, දමා අනාගන්න. එය ළුෑනූ බැදී ගෙන එන විට එක් කරන්න. එයටම අලත් එක්කරන්න. හොඳින් කලවම් කර ලුණූ ඇඹූල් බලා දෙහි ස්වල්පයක් දමාගන්න.


රෝල්ස් සෑදීමට අවශ්‍ය දේ
බැටර් එකෙන් ස්වල්පයක්

බිස්කටි කුඩූ

සාදාගත් පිටි මිශ්‍රණය

පිරවූම

තෙල්





සූපවේදිනි අසෝකා ජයසේකර
බොරලැස්ගමූව

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment