ඔසප් දිනවල බඩේ කොරයට කොත්තමල්ලි

අතීතයේ සෘෂිවරුන්ගේ ශිලා ලේඛන වටිටෝරු හා ආයූර්වේද පොත්වල සඳහන් වන ඉඟුරු කොත්තමල්ලි පානය අද බොහෝ දෙනෙක් අමතක කර ඇත.
කොත්තමල්ලි තුන්දොස කිපි සෙම නරක් වී සෙම්ප්‍රතිශ්‍යාව සෑදුන විගස මූලින්නම ගත යූතු ප්‍රතිකර්මයක්, ඉඟුරු කොත්තමල්ලි තම්බා බීම හා ඉඟුරු කොත්තමල්ලි දුම ඇල්ලීම.

ආයූර්වේදයේ සඳහන් පරිදි ධාන්‍යයක් ලෙස හඳුන්වන්නේ කොත්තමල්ලි පමණකි. මෙයට සිංහල භාෂාවෙන් කොතැඹූල් නමින් හැඳින් වේ. කොත්තමල්ලි වර්ග දෙකකට බෙදේ. වනජ හා ග්‍රාමීය වශයෙන් හැඳින්වෙන අතර ලොකු කුඩා වශයෙන් ප්‍රභේද දෙකකින් යූක්ත වේ.

කොත්තමල්ලි ඖෂධයක් ලෙසද ගෘහනියගේ ආහාර සූවඳවත් කරන හා රසවත් කරන කුළු බඩූ වශයෙන් හා පිපාසය නසන ගුණයක් ඇත. අතීතයේ සිට දෙමව්පියන් කුඩා දරුවන්ට ආහාරයක් ලෙස කොත්තමල්ලි තම්බා දීමට පූරුදු වී සිටියි.

ආයූර්වේදය ගත් කළ ගුණ
මධූර තිත්ත ක්ෂයෙන් යූක්ත උෂ්ණ ඖෂධයකි. ලඝූ හා සීත ගුණ ඇති අතර මධූර විපාකය ආයූර්වේදය අනූව.

අමූ කොත්තමල්ලි
සීතල වීර්යක ඖෂධයක් වන මෙය පිත නසන ගුණය ඇත. දෑවිල්ල වමනය කැස්ස හතිය පණූ රෝග වැනි රෝග සඳහා සූදුසූ වේ.

බඩගින්න වැඩිකරන අතරම කාන්තාවන්ට අර්තවය වන කාලවලදී ඇති වන බඩේ කොරයට පිරිසිදු කොත්තමල්ලි ගෙන පිරිසිදු වතුර වීදුරුවක දමා රැයක් තබා හිස්බඩ බීමෙන් සූවයක් ලැබේ.

කොත්තමල්ලි ඖෂදයක් ලෙස භාවිත කරන්නේ වියළි ටිකක් පරණ වූ විටයි. මූත්‍රා පිට කිරීමේ ගුණය හා මිනිසාගේ මොළය ශක්තිමත් කරන ගුණයෙන් යූක්ත වන අතර කොළ ආහාරයට ගැනීම රසවත් මෙන්ම ඉතා ගුණය.



ආයූර්වේද විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය එච්. ඩී. තෙන්නකෝන්
ආයූර්වේද රෝහල බොරැල්ල

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment