ගෙදරදීම කුකුළෙක් රෝස්ටි කරමූ -Chicken roast


බ්‍රොයිලර් කුකුළෙක් රෝස්ටි කිරීම

කුකුළු මස් වර්ග දෙකක් තියෙනවා. එකක් සාමාන්‍යයෙන් කඩේ විකුණන්න තියෙන මසට හදපූ බ්‍රොයිලර් කුකුළෝ. අනික ගම්වල අහූලා කාලා හැදෙන කුකුළෝ. ඒක අපි කරි චිකන් කියල හඳුන්වනවා. දෑන් අපි බලමූ බ්‍රොයිලර් කුකුළෙක් රෝස්ටි කරන ආකාරය.

මේ කුකුළා රෝස්ටි කරන්න ලේසියි. මූලින්ම කුකුළාව අරගෙන අක්මාව, වකුගඩූ, බෙල්ල ආදී කොටස් ඉවත් කරලා සෝදලා පිරිසිදු කරන්න. ඉන්පස්සේ කකුල් දෙක එකතු කරලා ගැටගසන්න. තටූ දෙක පහතට කරලා දිග ඇරෙන්නේ නැති විදිහට මේ කකුල් අතර රඳවන්න ඕන.

දෑන් කහ, ගම්මිරිස්,ලුණූ හා මිරිස් කුඩූ එකට දමාගෙන කුකුළාගේ වටෙි සම්පූර්ණයෙන්ම එය තවරාගන්න. කරපිංචා, කුරුඳු පොතු, කරඳමූංගු, කරාබූ නැටි දෙක බැගින් ගෙන කුකුළාගේ බඩ තුළට එය රිංගවන්න. දෑන් කහ, ගම්මිරිස්, ලුණූ, මිරිස් කුඩූ හොඳින් උරාගන්නා තෙක් පැත්තකට කරලා මිනිත්තු 10 ඃ 15 ක් තියන්න.


සාමාන්‍ය ලිපක් මත රෝස්ටි කිරීම
මැටි වළඳක් කුරුඳු කොළ හා හීනියට පෙති ගසාගත් කැරටි අලයක් හෝ දෙකක් අවශ්‍ය වෙනවා. කුරුඳු කොළ වළඳේ පතුලේ අතුරා ඒ මත කැරටි පෙති අතුරාගන්න. සූදානම් කරගත් කුකුළා කැරටි මත තබන්න. දෑන් කුකුළාගේ සම්පූර්ණයෙන් තැවරෙන ආකාරයට තෙල් ටිකක් දමාගන්න. වතුර අඬූ කෝප්ප 1/2 ද මෙයටම දමාගන්න. ලිප මත තියලා මද ගින්දරේ හරවමින් තම්බාගන්න. යටපැත්ත පාට ගැහෙන තුරු හරවන්න එපා. එතෙක් වතුර හා තෙල් හැනදකින් අරගෙන වරින් වර කුකුළා මතට එක් කරන්න. නැවත නැවත ඒ තෙල්ම අරගෙන දාන්න. යට පැත්ත පාට වූණාට පස්සේ පැත්තට හරවන්න. දෙපැත්තත් හොඳින් පාට වෙන්න ඕනේ. මද ගින්දරේ ලිප තියන්න ඕන. නැත්නම් කරවෙනවා විනාඩි 45 ක් පැයක් පමණ මෙසේ තියන්න ඕන.

හොඳින් තැම්බූණාට පස්සේ හොඳ ලස්සන පාටක් ලැබෙනවා. ඒ වගේම හොඳ සූවඳක් දෑනෙනවා. මේ බ්‍රොයිලර් කුකුළා තැම්බෙන විට හරිම බූරුල්. රත්වූණ හැටියේ හයි වෙනවා. පස්සේ තැම්බෙන කොට ඉදුණූ අඹ ගෙඩියක් අල්ලනවා වගේ අතට දෑනෙන්නේ. වැඩිපූර තැම්බෙන්න ගියොත් කුකුළාගේ සම්බන්ධ වෙලා තියෙන කොටස් ගැළවෙන්න බලනවා. ඒ නිසා ඒ තත්ත්වයට එන්න කළින් කුකුළාව ඉවතට ගන්න ඕන.

කුකුළාව ඉවතට ගත්තට පස්සේ හොඳින් තැම්බූණ කැරටි වළඳේ ඉතිරි වෙනවා. එයින්ද හොඳ සූවඳක් එනවා. මෙය බඳුන තුළ තියෙද්දිම එහෙමම පොඩි කරන්න. පොඩි කරලා වතුර ටිකක් දාන්න. එය තැම්බෙන්න හරින්න. වතුර හිඳෙන විට අපිට දුඹූරු පාට, උකු හොද්දක් වගේ මිශ්‍රණයක් ලැබෙනවා. එය සූවඳයි. ලස්සනය.ි දෑන් රෝස්ටි කරගත්ත කුකුළාව ගෙන මේ භාජනයටම දමා එහා මෙහා පෙරලා ගන්න. හැම තැනම තැවරෙන විදියට පෙරළා ගන්න ඕන. එවිට හොඳ දිස්නයක් එනවා.

පසූව පිඟානක් අරගෙන තක්කාලි, ගොටූ කොළ, සලාද වගේ දේවලින් සරසලා කුකුළාව ඒ මත තියන්න. දෑන් අර කැරටි මිශ්‍රණය නැවත කුකුළා මත වත් කරගන්න. මේසයට යවන්න සූදානම් කරන කොට කුකුළාගේ ඇතුළට දමාගත් කරපිංචා ආදිය ඉවත් කරන්න ඕන.


විදුලි උදුනක නම්
මූල් ආකාරයටම කුකුළාව මිශ්‍රණයේ තවරාගන්න. අවන් එකට දාන්න පූළුවන් තැටියක් ගෙන එයට තෙල් ස්වල්පයක් දමාගන්න. යන්තම් වතුර ටිකක්ද එකතු කරන්න. අවන් එකේ දාන කොට කුරුඳු කොළ, කැරටි අවශ්‍ය වෙන්නේ නෑ. දෑන් කුකුළාව තැටිය මත තියල අවන් එකට දාන්න. වරින්වර තෙල් ස්වල්පයක් කුකුළා මතට දමාගන්න.

ඇතැම් විදුලි උදුන්වල තියෙනවා කුකුළාව රඳවලා රෝස්ටි කරන්න පූළුවන් ආධාරක එහි තිබෙන කූර කුකුළාගේ හරි මැදින් රිංගවාගෙන ආධාරකය මත රඳවලා උදුන ක්‍රියාත්මක කරන්න. මෙය කැරකෙමින් අවශ්‍ය ලෙස රෝස්ටි වෙනවා.

අවන් එකක කුකුළෙක් රෝස්ටි කරන්න විනාඩි 30 පමණ ගත වෙනවා. සෙල්සියස් අංශක 200 පමණ උෂ්ණත්වය තියෙන්න ඕන. විනාඩි 20 න් පමණ පරීක්ෂා කර බැලුවාම ඔබට දෑනගන්න පූළුවන් තවත් කොපමණ තියන්න ඕනද කියල.

ගම් කුකුළෙක් රෝස්ටි කිරීම

මේ කුකුළන්ගේ මස හරිම තදයි. ඒ නිසා රෝස්ටි කරන විට වතුර ටිකක් වැඩිපූර දමා ගන්නට ඕන, හොඳින් තැම්බෙන්න.

ඒ හැරුණූ විට කුකුළා සූදානම් කර ගැනීම හා අවන් එකේ හෝ සාමාන්‍ය ලිපක පූළුස්සා ගැනීම එකම විදියයි. තැම්බෙන විට ඉරටූවක් වැනි තද දෙයකින් ඇනලා බලන්න. හයියට දෑනෙනවා නම් තැම්බිලා මදි. බොහොම ලේසියෙන් ඉරටූව මස තුළට යනවා නම් තැම්බිම ප්‍රමාණවත්


පිරවූම

සමහර උදවිය කුකුළාගේ ඇතුළට පිරවූමක් යොදාගෙන රෝස්ටි කරනවා. ඒ සඳහා සූදුසූ පිරවූමක් මේ. අමූ පාන් කුඩූ, ළුෑනූ, කුකුළු පීකුදු, බේකන්, හැම්, බිත්තර 2 , පාස්ලි කොළ අවශ්‍ය වෙනවා.

බේකන් සහ හැම් අවශ්‍යම නැහැ. තිබෙනවා නම් පමණක් යොදා ගන්න.

පාස්ලි, ළුෑනූ කුඩාවට කපන්න. පීකුදුත් කුඩාවට කපන්න. බිත්තර දෙකක් සමග මිශ්‍ර කරන්න. සාදික්කා ගෙඩියක් උරච්චි කර එයට දමන්න. මේ සියල්ල අමූ පාන් කුඩූ සමග හොඳින් කලවම් කරන්න. මෙය තලපයක් මෙන් ලැබේවි. අමූ පාන් කුඩූ කියන්නේ දෑවටූමට ගන්න ඒවා නෙමෙයි. දිනක් දෙකක් පරණ පාන් අතින් පොඩි කරනවිට කුඩූ වෙනවා. අන්න ඒ පාන් කුඩූ මේ මිශ්‍රණයට ගන්න.

එම මිශ්‍රණය කුකුළාගේ ඇතුළට පූරවාගන්න. කුකුළා තැම්බෙන විට එන ඉස්මවලින් තමයි ඇතුළත මිශ්‍රණය තැම්බෙන්නේ.


රෝස්ටි කළ කුකුළෙක් කපන්නේ කොහොමද?
ඇතැම් අවස්ථාවල රෝස්ටි කළ කුකුළෙක් කෑම මේසයේ තිබූණත් කවූරුත් අතවත් තියන්නේ නෑ. ඒකට හේතුව මේ කුකුළාව කපන්නේ කොහොමද කියල දන්නේ නැතිකමයි. එහෙම නැත්නම් කපලා නැති නිසා අනෙක් අයත් කුකුළාට අත තියන්නේ නැහැ. එහෙම වෙයි කියල හිතනවා නම් ඔබට පූළුවන් කුකුළාගේ එක අඬූූවක් කපලා මේසයට යවන්න. එතකොට අනෙක් අයත් තමන්ට මස් කැබැල්ලක් කපාගන්න පෙළඹෙනවා.

කුකුළා කපන කොට මූලින්ම කපන්නේ කුකුළාගේ අඬූ දෙක. ඊට පස්සේ පපූ කොටස ඉතිරිවෙන්නේ. එය පෙති ලෙස කපාගන්න ඕන. අඬූ කපන කොට කටූවත් එක්ක කපා ගැනීම හොඳයි. එවිට ඉතිරි ටික කැපීම පහසූයි.

මතක තියාගන්න

ඉවූම් පිහූම් කියන එක කලබලයට කරන්න බැහැ. දෑන් අපි මාළු ගැන කතා කරනවනේ. බිලී පිත්තකින් මාළු අල්ලන මිනිහෙක් විදිහට තමයි මාළු පිසගන්න ඕන. ඒ කියන්නේ ඉවසීමක් තියෙන්න ඕනේ. ඉවසීම නැත්නම් අපට කෑම හදන්න බැහැ. ගින්දර පාලනය නැත්නම් ඒ ගැන දන්නේ නැත්නම් අපට කෑම හදන්න බැහැ. මෙන්න මේ ඉවසීම හා ගින්දර පාලනය කියන දෙක ඉවූම් පිහූම්වලට ඉතාම වැදගත්. ඔය කාරණා දෙක දන්නවා නම් ඉවීම ඒ තරම් ප්‍රශ්නයක් නෙමෙයි.

කුඩා මාළු බේක් කිරීම
අපි මේ බේක් කරලා තියෙන්නේ හැඬැල්ලෝ කියන කුඩා මාළු වර්ගය. ඒ වගේම මේ මාළු අවන් එකක් නැතිව බේක් කළ ඒවායි.

මූලින්ම හැඬැල්ලෝ ටිකක් අරගෙන ඔළුව ඉවත් කරලා බඩවැල් අරන් දාලා ඇතුළත සූද්ද කරන්න. හොඳින් සෝදා පසෙකින් තබන්න.

කරි කුඩූ, කහ කුඩූ, යන්තම් තලාගත් ගම්මිරිස්, ලුණූ, දෙහි හෝ අඹරාගත් ගොරකා, (ගොරකා නම් වඩාත් හොඳයි. නමූත් වැඩිපූර දෑම්මොත් පැහැය වෙනස් වෙනවා) මිරිස් කුඩූ ස්වල්පයක්, ළුෑනූ, සූදු ළුෑනූ, අමූ ඉඟුරු යන ද්‍රව්‍ය එකට කලවම් කරන්න. දැන් එය මාළුවල හොඳින් තවරාගන්න. මාළුවල දවටලා යන්තම් වතුර ටිකක් ඉහින්න මේකට දෙවරක් ලුණූ, ඇඹූල් දාන්න බැහැ. ඒ නිසා අමූවෙන් ලුණූ, ඇඹූල් බලන්නට ඕන. අවන් එකක දාන්නේ නැති නිසා වතුර බොහොම ටිකක් වැඩිපූර එකතු කරන්න ඕන. වළඳක හෝ තාච්චූවක තියල මද රස්නෙන් හිඳෙනකම් තැම්බෙන්න හරින්න. හැඳි ගාන්න එපා.


අවන් එකක
තැටියකට තෙල් ස්වල්පයක් දාලා ඒ තැටිය උඩ මාළු ටික අතුරාගන්න. අවන් එකට දාලා බේක් කරන්න. හැරවීමක් අවශ්‍ය නැහැ. අල්ලන්නවත් එපා. බේක් වූණාට පස්සේ පත්තක් වගේ පැතලි හැන්ඳකින් අරගෙන තියන්න


මේසයට යවන විට
කරපිංචා කොළ බැදගන්න. ඉදුණූ (රතු) මිරිස්, රවූමට කපාගත් රතුළුෑනූ යන්තම් තෙලේ බදින්න. මාළු පිඟානක් මත තබා මේවා ඒ මතට දමා සරසා ගන්න.


පරා මාළුවෙක් බේක් කිරීම
කුඩා පරා මාළුවෙක් බේක් කරගන්නේ කොහොමද කියල දෑන් අපි බලමූ. මෙය ඔළුවත් සමග අරගෙන තියෙනවා. විශේෂයෙන්ම තරමක ලොකු මාළු පිළියෙළ කරන විට මාළුවාගේ බඩ පැත්ත ටිකක් පලා මාළු සූද්ද කරන බූරුසූවකින් ඇතුළේ තියන කොටස් හොඳින් පිරිසිදු කරන්න. හොඳින් පිරිසිදු වෙනකම් හෝදන්න ඕන.

ලුණූ, මිරිස් කුඩූ, කහ කුඩූ, ගම්මිරිස් කුඩූ, දෙහි දමා මිශ්‍රණයක් හදාගන්න.

දෑන් මාළුවා මේ මිශ්‍රණයට දමා අතගා ගෙන විනාඩි 10 ක් පමණ තිබෙන්න හරින්න. දෑන් තැටියක දමා බේක් කරන්න.

එකවර තැටියක දමන්න බැහැ කියල හිතෙනවා නම් තැටිය මත කෙසෙල් කොළයක් තියල එයට යන්තම් තෙල් ටිකක් දමා අවන් එකට දාන්න.

අවන් එකක් නැතිනම්
වළඳක් හෝ තාච්චූවක් අරගෙන එයට තෙල් දමා රත් කරන්න. රත්වූණාට පස්සේ තෙල් ටික ඉවත් කරලා මාළුවා තියන්න. එහෙම නොකළොත් මාළුවාගේ හම වළඳට අල්ලනවා. වළඳේ රස්නය ඇති විටයි මාළුවා වළඳට දාන්න ඕන. මද ගින්දරේ පිසගන්න. ගතවන වෙලාව තීරණය වන්නේ මාළුවාගේ තරම අනූවයි. ලොකු මාළුවෙක් නම් කාලය වැඩියෙන් ගත වෙනවා. විනාඩි 20 ක් තරම බොහෝ විට සෑහෙනවා.






ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වා
අධ්‍යක්ෂ (ආහාර හා ප්‍රවර්ධන)
ගල්කිස්ස මහ හෝටලය

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment