පොල් වතුර ඉවත දමන්න එපා

පොල්තෙල් හෘද රෝගවලට අගුණ නැහැ

ඔබට ඇතුවත් බැරි නැතුවත් බැරි පොල් පිළිබඳව හා එහි ගුණය පිළිබඳව කොතෙක් දුරට අවධානය යොමූ කර තිබේද යන්න පිළිබඳව දැනගනිමූ.

අතීතයේ සිට අපට නැතිවම බැරි පොල් ගස එහි සියලුම අංග මිනිසාගේ ප්‍රයෝජනය සඳහා යොදා ගැනේ. සිංහල භාෂාවෙන් කප්රුක, කල්ප වෘකෂය ලෙස ද හඳුන්වන අතර ශ්‍රී ලංකාවේ මූහූදු බඩ ප්‍රදේශවල බහූලව වැඩේ.
පොල් ගසේ තිබෙන පොල්වල පොල් මදය, පොල් වතුර, කුරුම්බා, වැඩි ගුණයකින් යූක්තයි. පොල් වතුරෙහි ගුණ නොදන්නා අපේ කාන්තාව එය ඉවත දැමීමට පූරුදු සිටියි. එහි තිබෙන ගුණය ගැන ඔබ දන්නවාද? පොල් වතුරවල විෂබීජ නොමැත. නමූත් ග්ලුකෝස් , විටමින් වර්ග හා පෝෂණ ගුණවලින් හා පිරිසිදු බැවින් යූතු පානයකි.

කුරුම්බා වතුර
පිපාසය දුරුකරයි. රක්ත රෝගවලට ගුණයි. රුධිරය පිරිසිදු කරන අතර ශරීරයේ දැවිල්ල සමනය කරයි. බඩගිනි වඩවන මූත්‍රාකාරක ගුණය ඇති අතර මූත්‍රා පිරිසිදු කරයි. ශීත ගුණයෙන් යූතු වන අතර කලටි ශක්ති ජනක ආහාරයකි.


පොල් මල්

පොල් මල තලාගන්නා රා, විනාකිරි ආර්ථිකය වර්ධනය කරන අතර මද පමණින් ගුණයි. පොල් මල ඕනෑම සූබ කටයූතු සඳහා යොදා ගැනේ.


පොල් මදය
මේද බහූල පිෂ්ඨය, ග්ලුකෝස් හා විටමින් "ඒ", විටමින් "බී" මධ්‍යම ප්‍රමාණයකින් යූක්තයි. අප ගන්නා සියලු ආහාර සඳහා පොල් කිරි යොදාගන්නා අතර එය දෙවැනි වන්නේ එළකිරිවලට පමණි.

ප්‍රයෝජනයට ගත්පසූ ඉතිරිවන පොල් කුඩූ සත්ව ආහාරයක් ලෙස පූන්නක්කු සඳහා යොදාගැනේ. ආයූර්වේදයෙහි පොල් බර ආහාරයක් ලෙස හඳුන්වන අතර එය මධූර රසින් ද යූතුය.

පොල් කිරි සිඳුවා තෙල් සාදාගන්නා අතර පොල් තෙල් සබන් නිෂ්පාදනයට යොදා ගැනේ. පොල් තෙල් මගින් කොලෙස්ට්‍රරෝල් හා හෘද රෝගවලට අගුණ යැයි මතයක් පැවති අතර කිසිම රෝගයකට අගුණ නොවන බවට මෑතකදී පර්යේෂණ මගින් සොයාගෙන ඇත.

පිළිස්සීමකදී පැරැන්නන් පොල් තෙල් ආලේප කළ අතර ශරීරයේ දැවිල්ල, කුෂ්ඨ රෝග නසන අතර තුවාල සූවවීමට බාහිරෙන් ද ආලේප කරයි.

ආයූර්වේදයේදී කොටිට පොල් තැවීම් පොටිටනි සඳහා අවශ්‍යවේ. පොල් තෙල් විශේෂයෙන් රූසපූවට අවශ්‍යවන කෙස් කළඹට ඉතා ගුණදායකවීමූත් සියලු පූණ්‍ය කටයූතු සඳහා පොල් තෙල් යොදා ගැනීම සිරිතකි.



ආයූර්වේද විශේෂඥ ශල්‍ය වෛද්‍ය
ඩී. එච්. තෙන්නකෝන්
ආයූර්වේද ශිකෂණ රෝහල,
බොරැල්ල.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment