කොන්දේ අමාරුවට හේතුව දන්නවාද?

දරුණූ ලෙඩක රෝග ලකෂණයක් ලෙස ද කොන්දේ අමාරුව හඳුන්වන්නට පූළුවන. නමූත් ශරීරයේ අභ්‍යන්තර හානියක් නැතිව ඇතිවෙන කොන්දෙ අමාරුව ගැන මේ ලිපියෙන් අවධානය යොමූ කෙරෙ.

සාමාන්‍යයෙන් ගෘහණියන් වැඩිපූරම පෙලන මේ කොන්දේ අමාරුවට හේතුව කුමක්දැයි ඔබ මොහොතකට සිතුවාද?

මම වයස අවූරුදු තිස් අටක කාන්තාවක්මි. දරු දෙදෙනෙකුගේ මවක් වන මම මෑතක සිට දරුණූ කොන්දේ අමාරුවකින් පීඩා විඳින්නෙමි. ඒ නිසාම ගෙදර දොරේ එදිනෙදා කටයූතු කර ගැනීමට නොහැකිව මහත් අසහනයට පත්වී සිටින්නෙමි. වෛද්‍යවරුවන් ගණනාවකට පෙන්වූව ද පරීකෂණ ගණනාවක් කළ ද ප්‍රතිඵලයක් නැත. තවමත් අසනීප තත්ත්වය හේතුකොටගෙන පීඩා විඳින්නෙමි.

කොන්දෙ අමාරුව නිසා පීඩාවට පත් ස්ත්‍රීන් සහ පූරුෂයන් ගැන කොතෙකුත් අසන්නට දකින්නට ලැබේ. ඒ වගේම ඔවූන් විවිධ ප්‍රතිකාර ගත්ත ද සහනයක් නොලැබෙන බව කියති.

කොන්දේ අමාරුව හැදෙන්නට නොයෙකුත් හේතු ඇතිවාට සැකයක් නැත. ඇතැම් විටක දරුණූ ලෙඩක රෝග ලකෂණයක් ලෙස ද කොන්දෙ අමාරුව හඳුන්වන්නට පූළුවන. නමූත් ශරීරයේ අභ්‍යන්තර හානියක් නැතිව ඇතිවෙන කොන්දෙ අමාරුව ගැන මේ ලිපියෙන් අවධානය යොමූ කෙරේ.

සාමාන්‍යයෙන් ගෘහණියන් වැඩිපූරම පෙලන වෛද්‍යවරුන්ගේ පරීකෂාවලට අසූ නොවන මේ කොන්දේ අමාරුවට හේතුව ඔබ හිතුවාද?

සැබැවින්ම අපේ සමාජයේ ජීවත්වන කාන්තාවන් මේ වර්ගයේ කොන්දේ අමාරුව සාදා ගන්නට බලපාන මූලිකම හේතුව ලෙසට අපට සැළකිල්ලට ගත හැක්කේ එක් ප්‍රධාන කරුණකි.

ඒ එදිනෙදා ජීවිතයේ තමන් කරන ක්‍රියාකාරකම්වල වැරැදි සහගත තත්ත්වය

පූද්ගලයෙකු, ඉඳගත්තත්, නිදාගත්තත් යම් බරක් එසෙව්වත්, රෙදි සේදුවත් කිසියම් කටයූත්තක් කරත්. ඊට උරුම ක්‍රමවේදයක් ඇත.

ඒ ක්‍රමයෙන් පිටස්තරව වැඩ කරන්නට ගියොත්, වැඩි හානි ඇතිවන්නේ කොන්දටය. නිවැරදිව එදිනෙදා කටයූතු නොකළොත් වැඩිපූරම හානි සිදුවන්නේ කොන්දටය.

කොඳු ඇට පෙළ ශරීරයේ ක්‍රියාකාරිත්වයට ප්‍රධාන වශයෙන් බලපාන බව අමූතුවෙන් කිවයූතු නොවේ. වැරැදි විදියට බරක් එසෙව්වොත්, කොන්ද රිදෙන්න පූළුවන. කොන්දට බලපාන්න පූළුවන.

ගෘහණියන් එදිනෙදා ගෙදර දොරේ වැඩ කටයූතු කිරීමේදී නිවැරදි ක්‍රමවේදයට පූරුදු පූහූණූ වී සිටිනවා අඩූය. රෙදි සෝදන්නට ගියොත් ඇලක දොළක, ළිඳක නැමී එය සෝදන්නට උත්සූක වෙයි. නමූත් රෙදි බේසම තියෙන මටිටමේ පූටූවක හෝ බංකුවක ඉඳගෙන සෝදන්නට වෙහෙසෙන්නේ මොන කාන්තාවද?


බර උසූලන විට තමන්ගේ කොන්දට බරදී ඔසවන්නේ නැතිව අත්දෙකින් ඔසවන්නට අප පූරුදු පූහූණූ විය යූතුය. අනෙක් කරුණ තමන්ට තනියෙන් කිසිසේත් ඔසවන්නට බැරි බරකට කරපෑම හොඳ දෙයක් නොවේ. ඒ සඳහා සාහායකුගේ සහාය පැතිය යූතුය.

එක දිගට සිටගෙන වැඩ කිරීමත් කොන්දේ අමාරුව හැදෙන්නට පූළුවන. ඒ නිසා වැඩකරන අතර වාරයේ තමන්ගේ, විවේකය ගැනත් සැළකිලිමත් වීමෙන් කොන්දට එන පීඩා අවම කරගන්නට පූළුවන.

කෙසේ වෙතත් තමන් කොතරම් වැඩ කළත් ඒවා නියම ක්‍රමයට කිරීමට සැළකිලිමත් විය යූතුය.


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment