දරුවා වැටීමෙන් හිසෙහි ඇතිවන තැල්මෙන් ගෙඩි ඇතිවෙනවාද?

පූංචි පැටියා බිමට වැටූණොත් හිස වැදීමෙන් ඇතිවන තැලීම පසූ කාලයකදී ගෙඩි බවට පත්විය හැකි බව බොහෝ අම්මලා විශ්වාස කරනවා. ඒ නිසා දරුවා පොඩ්ඩක් හරි වැටිලා හිස වැදුණොත් අම්මලා හරියට කලබල වෙනවා. සිතින් ලතවෙනවා.
මේ කතාවේ සත්‍යයක් තිබෙනවද නැතිද කියා දෑනගන්න අපි විශේෂඥ වෛද්‍ය සරත් ද සිල්වා මහතා සමඟ සාකච්ඡා කළා.

නොදරුවෝ බිම වැටූණහම කිසිම දෙයක් වෙන්නේ නැහැ. දෙවියෝ අතපානවා කියල අපේ අත්අම්මලා ආච්චි අම්මලා අදටත් කියන කතාව කොතරම් දුරට සත්‍යද කියල ඔබත් අහලා ඇති. ඒතරමටම දරුවන් වැටීම හා සම්බන්ධව අපේ සමාජයේ තිබෙන මතය අපි දෑන් විමසා බලමූ.

හිස වැදීමකදී ඉදිමූම ඇතිවූවේ නම් බියවිය යූතු නැත. තම නිවසේ දීම ප්‍රතිකාර ලබාදිය හැකිය. අයිස් තැබීම, බටර් ඕඩිකොලොන් ගැල්වීම නූසූදුසූ නැත. මෙම ඉදිමූම දින දහයක් පමණ කාලය තුළදී මඟ හැරෙනූ ඇත. නැතිව පසූ කාලීනව ඒ තුළිින් හිසෙහිි ගෙඩි ඇතිවීමක් සිදු නොවනූ ඇත. දරුවා නෑවීමද ප්‍රශ්නයක් නොවේ.

නමූත් බිළිදා වැටීම තුළින් හිසට යම් කිසි තුවාල වීමකට ලක්වී නම් විෂබීජ ඇතුළු වීම නිසා තුවාලය පැසවීමට ඉඩඇති හෙයින් ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යූතුය.
බිළදා වැටීම තුළින් හිස තුවාල වී ලේ වහනයක් සිදුවීම ක්‍රම දෙකකට විය හැකියි. එනම් වැටීමෙන් හිස්කබල කැඩී ලේ නහරවලට හානියක් ඇති වී මොළයට බලපෑමක් ඇතිවීම හා වැටූණූ අවස්ථාවේදී තදබල ලෙස හිස වැදී කම්පනයක් ඇතිවීමෙන් අනතුරු ඇතිවීමයි.

සාමාන්‍යයෙන් බිළිදා වැටූණූ විගස බිළිදාගේ කායික හැසිරීම පිළිබඳ පරීක්ෂා කර බැලිය යූතුය. එනම් වැටූණූ විගස දරුවා කොපමණ වේලාවක් හැඬූවද සිහි නැතිව සිටියද, වමනය හා මොළයේ පීඩනය ඇතිවී වැඩිපූර නිදා ගන්නවද යන ලක්ෂණ බිළිදාට තිබේ නම් පමණක් වෛද්‍ය ප්‍රතිකාර ගත යූතුය.

බිළිදාගේ හිස තදබල ලෙස වැදීමෙන් මොළයට සම්බන්ධ අවයව හෙවත් නාසය කන් ආදිය තුළින් ලේ වහනයක් සිදුවන්නට පූළුවන්. නමූත් රෝගී වූ ස්ථාන නොපෙනෙන නිසා මෙවැනි තත්ත්වයකදී සැළකිලිමත් නොවූණොත් මෙනින්ජයටිස් වැනි ආසාදන තත්ත්වයන් ඇතිවෙන්නට පූළුවන්. එවැනි භයානක වැටීම් සාමාන්‍ය වැටීම් තුළින් සිදුවන්නේ නැත.

හිස වැදීමෙන් තදබල ලෙස තුවාල වීමක් හෝ හිස්කබලෙහි හානිදායක තත්ත්වයක් ඇතිනොවී නම් බිළිදා ගැන බියවන්නට අවශ්‍ය නොවේ.




ළමා රෝග විශේෂඥ වෛද්‍ය
ඩී.ඩී. සරත් ද සිල්වා

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment