ඔබේ සන් ග්ලාස් එහෙමත් නැත්නම් අව්කණ්ණාඩි හොද ඒවාද ?

සන් ග්ලාස් එහෙමත් නැත්නම් අව්කණ්ණාඩි පැළඳීම අද විලාසිතාවක් බවට පත්වෙලා තිබූණත්, ප්‍රමිතියක් ඇති අව් කණ්ණාඩියක් තුළින් ඇසට ලැබෙන්නේ ආරකෂාවක්.
අව් කණ්ණාඩියක් පැළඳීමෙන් මූලිකවම බලාපොරොත්තු වෙන්නේ අහිතකර හිරු කිරණ ඇසට යොමූවීම වැළැක්වීමයි. ඒ අතරින් පාරජම්බූල කිරණවලින් ඇස ආරකෂා කිරිම විශේෂයි
අව් කණ්ණාඩියක් නිෂ්පාදනය කළ යූත්තේ පාරජම්බූල කිරණ කපා දමන වීදුරුවලින්. මෙම වීදුරු ඹඪ 400 ලෙස හැඳින්වෙනවා.

බොහෝ විට වෙළඳපොළේ අලවියට තිබෙන අව් කණ්ණාඩි දුටූ පමණින් නියම ප්‍රමිතියෙන් යූතුද කියා හඳුනාගන්නට අපහසූයි.
මෙම අව් කණ්ණාඩි පරිකෂා කිරීම සඳහා උපකරණයක් තිබෙනවා. එම උපකරණය මගින් පූළුවන් එය නියම ප්‍රමිතියකින් යූතු අව් කණ්ණාඩියක්ද කියා හඳුනාගන්නට, නමූත් සෑම අව් කණ්ණාඩි අලවි සැලකම මේ උපකරණය භාවිත කෙරෙන්නේ නැහැ.
පාරිභෝගිකයාට ප්‍රමිතියකින් යූතු අව් කණ්ණාඩි හඳුනාගැනීමට ක්‍රම දෙකක් තිබෙනවා. ඉන් එකක් කණ්ණාඩිය අව්වට අල්ලා බලන්න. ඒ තුළින් හිරු එළිය සාමාන්‍ය ලෙසටම ඇසට ලැබෙනවා නම්, එය හොඳ අව් කණ්ණාඩියක් නොවේ. අනෙක් ක්‍රමය තමයි අව්කණ්ණාඩියේ ඹඪ 400 කියා ස්ටිකරයක් අලවා තිබෙනවා. එයින්ද හැඟවෙන්නේ ප්‍රමිතියකින් යූතු අව්කණ්ණාඩියක් බවයි.

අව් කණ්ණාඩි අලවිසැල් අද බහූල වශයෙන් දකින්නට පූළුවන්. ඇතැම් විට පදික වේදිකාවේ පවා අව් කණ්ණාඩි අලෙවි කරනූ දකින්නට පූළුවන්. මේවා අතරත් හොඳ අව් කණ්ණාඩි තිබෙන්නට පූළුවන්. නමූත් වඩාත්ම සූදුසූ විශ්වාසය තැබිය හැකි වගකීමක් ඇති අලවි සැලකින් අව් කණ්ණාඩියක් ලබා ගැනීමයි.

විවිධ වර්ණවලින් යූතු අව්කණ්ණාඩි අලෙවියට තිබිමත් ඇතැම් විට ප්‍රශ්නයක්. රෝස, නිල්, දුඹූරු වැනි වර්ණ අඩූ වැඩි කරමින් නිමැවූණූ අව්කණ්ණාඩි තිබෙනවා. මේවායේ පිටතින් අලංකාරය සඳහා ආවරණයක් යෙදිම පමණයි සිදුකර තිබෙන්නේ. ඇතුල් පැත්තෙන් බැලූවිට මේවා පෙර පරිදිම හිරු කිරණ ඇසට නොඑන ලෙස සකස් වී තිබීම අවශ්‍යයි. ඒ නිසා පිටතින් පෙනෙන වර්ණය වැදගත් වන්නේ නැහැ. එය අලංකරණය සඳහා පමණයි.

කුඩා දරුවන් අව් කණ්ණාඩි පැළඳීම ගැන ගැටළු පවතිනවා. නමූත් ප්‍රමිතියකින් යූතු අව් කණ්ණාඩියක් නම් කුඩා දරුවන්ට වූවත් පැළඳීම වරදක් නැහැ. ඉන් ලැබෙන්නේ ඇසට ආරකෂාවක්.

ප්‍රමිතියකින් තොර අව් කණ්ණාඩියක් පැළඳීමෙන් ප්‍රයෝජනයක් ඇතිවෙන්නේ නැහැ. එය අව්කණ්ණාඩියක් නොපැළඳ ඇස් අව්වට නිරාවරණය වී තිබීමැ හා සමානයි.





අකෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මූදිතා කුලතුංග
නයනා රෝහල
කොළඹ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment